ඔන්න එහෙනම් තවත් අලුත්ම අලුත් කොරියානු කතාමාලාවක විස්තර අරගෙන මං ආවා.. “තමන්ගෙ රැකියාව වෙනුවෙන් මුළු හදවතින්ම කැපවෙලා වැඩ කරත්, හිත ඇතුළෙ ලොකු හිස්කමක් තියෙන… වැඩ නිසාම තමන් ගැනවත් හොයාබලන්න අමතක වුන දෙන්නෙක් මුණගැහුනොත් මොනවා වෙයිද?” එහෙනම් යමු කතාව මොකක්ද? විස්තර මොනාද කියලා දැනගන්න? කතාමාලාවේ පසුබිම සහ විස්තර SBS සහ Netflix හරහා හෙට, ඒ කියන්නෙ අප්‍රේල් 22 වෙනි බදාදා දින සිට නිකුත් වීමට නියමිත Sold Out on You කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නෙ 2024 වසරේ Seoul Busters ඩ්‍රාමා එක අධ්‍යක්ෂණය කරපු Ahn Jong-yeon විසින්. තිර පිටපත ලියලා තියෙන්නේ නවක රචකයෙක් වන Jin Seung-hee විසිනුයි. Romantic Comedy, Workplace වගේම Healing කියන වර්ගීකරණයන්ට අයිති මේ ඩ්‍රාමා එක කොටස් 12 කින් සමන්විත වෙනවා. 오늘도 매진했습니다 (Today, Sold Out Again) කියන කොරියානු නමින් තමයි මේ කතාව මුලින්ම හැඳින්වෙන්නෙ. ප්‍රධාන චරිත සහ රංගනය Ahn Hyo-seop, Chae Won-bin, Kim Bum තමා මේකෙ ප්‍රධාන චරිතවලින් රංගනයට එකතුවෙන්නෙ. Ahn Hyo-seop: Business Proposal, Dr. Romantic වගේ ඩ්‍රාමා වලින් ඔයාලා ගොඩක් ආදරේ කරපු දක්ෂ නළුවෙක්නේ. මේ කතාවෙත් එයා රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක CEO කෙනෙක් විදියට තමයි රංගනයෙන් දායක වෙන්නෙ. Kim Bum: Tale of the Nine Tailed, Boys Over Flowers එකෙන් එහෙම අපිට අමතක වෙන්න විදියක් නැති Kim Bum මෙහි ප්‍රංශ කොස්මෙටික් සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙක්ගේ චරිතයකට පණ පොවනවා. කොරියානු තරු ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ, එයාලගේ රංගන හැකියාව හරිම තාත්ත්විකයි කියන එක ඩ්‍රාමා බලන ඔයාලා හොදටම දන්නවා. චරිත සටහන කතාව මොන වගේද? කතාව මොන වගේ පැත්තකටද යන්නෙ කියලා මං මුලින්ම හෝඩුවාවක් දුන්නනෙ. දම් යේ-ජින් (Chae Won-bin) කියන්නේ රූපවාහිනී වෙළඳ (Home shopping) නාලිකාවක වැඩ කරන දක්ෂ නිවේදිකාවක්. එයා විකුණන ඕනෙම දෙයක් ඉක්මනින්ම ‘Sold Out’ වෙනවා. හැබැයි මේ අධික වැඩ රාජකාරි නිසාම එයා ඉන්නේ දරුණු නින්ද නොයාමේ රෝගයකින් (Insomnia) පෙළෙමින්. අනිත් පැත්තෙන් මැතිව් ලී (Ahn Hyo-seop) කියන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක්. එයා තමයි ලෝකේ තියෙන එකම ආශ්චර්යමත් අමුද්‍රව්‍ය හැදෙන ගොවිපළක් පවත්වාගෙන යන්නෙත්. හැබැයි මේ හැමදේම අස්සේ එයාටත් කවුරුත් නොදන්න හංගපු රහසක් තියෙනවා. මේ දෙන්නගේ රස්සා නිසා දවාලෙත් රෑත් දෙන්නට දෙන්නා නිතරම මුණගැහෙන්න ගන්නවා. එහෙම මුණගැහෙන මේ දෙන්නා කොහොමද එකිනෙකාගේ ප්‍රශ්න වලට උදව් කරන්නේ, තුවාල වුණ හිත් සුවපත් කරගන්නේ කියන එක තමයි මේ කතාවෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ දෙන්නගෙ මුණගැහීම සිද්ධ වෙන්නෙ? මැතිව් ලී හංගගෙන ඉන්න ඒ රහස මොකක්ද? යේ-ජින් ට එයාගේ නින්ද නොයාමේ ලෙඩෙන් ගැලවෙන්න මැතිව් ලී උදව් කරයිද? දෙන්නට දෙන්නා එකතුවෙලා එයාලගෙ හිත්වල තියෙන හිඩැස ආදරෙන් පුරවගන්න හැටි බලන්න ආසද? මේ කියන ප්‍රශ්නවලට වගේම කතාව බලද්දි ආදරය, කුතුහලය වගේම හාස්‍යය නිසා අපිට දැනෙන හැඟෙන දේ බොහෝමයි.. එහෙනම් හිත සුවපත් කරන (Healing romance) මේ ලස්සන ආදර කතාමාලාවත් බලාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. සටහන ලිව්ව මම : උචිනි පෙරේරා