අද මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුන, අලුත්ම ආදර කතාවක් වෙන “In Your Radiant Season” (එහෙමත් නැත්නම් In Your Brilliant Season) කතාමාලාවයි. මේ ලස්සන කතාමාලාව අධ්‍යක්ෂණය කරන්නේ Jeong Sang-hee සහ Park Seon Ho කියන දක්ෂ අධ්‍යක්ෂකවරු දෙදෙනා විසින්. 2026 පෙබරවාරි 20 වෙනිදා ඉඳන් අප්‍රේල් 3 වෙනිදා වෙනකම් තමයි මේ කතාව විකාශනය වෙන්නේ. ඒ වගේම මේ කතාමාලාව Disney+ හරහා තමයි විකාශනය වෙන්නේ. ප්‍රධාන චරිත ලී සොං-ක්‍යුන් (Lee Sung-kyung) : සොං හා-රන් ලෙසින් ඇය මේ කතාවේ රංගනයෙන් දායක වෙන්නෙ “” (සොං හා-රන්) කියන චරිතයට. ඇය මීට පෙර Weightlifting Fairy Kim Bok-joo, Dr. Romantic 2 සහ 3, වගේම Shooting Stars වැනි කතාමාලා වලින් ජනප්‍රිය වුනා. චේ ජොන්ග්-හ්යොප් (Chae Jong-hyeop) : සොන් වූ-චාන් ලෙසින් ඔහු රංගනයෙන් දායක වෙන්නෙ “” (සොන් වූ-චාන්) කියන චරිතයට. ඔහු ඇමරිකානු ඇනිමේෂන් ස්ටූඩියෝ එකක වැඩ කරන දක්ෂ චරිත නිර්මාණකරුවෙක්. ඔහු මීට පෙර Castaway Diva, Eye Love You, සහ Love All Play වගේ කතාමාලාවලින් ජනප්‍රිය වුනා. Summary – සාරාංශය හා-රන් කියන්නේ ‘Nana Atelier’ විලාසිතා ආයතනයේ ප්‍රධාන නිර්මාණකාරිනිය. පිටින් බලද්දි ඇයට කිසිම අඩුවක් නැති සර්ව සම්පූර්ණ ජීවිතයක් තියෙනවා වගේ පෙනුණත්, ආදරය කරන අය අහිමි වීමේ වේදනාව නිසා ඇය ඇගේ හිත සම්පූර්ණයෙන්ම වහගෙන, සීතල ශීත සෘතුවක හිරවෙලා වගේ තමයි ජීවත් වෙන්නේ. අනිත් පැත්තෙන් වූ-චාන් කියන්නේ හැමදාම ගිම්හාන නිවාඩුවක් ගත කරනවා වගේ හරිම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. හැබැයි මේ හිනාවෙලා ඉන්න මුහුණ පිටිපස්සේ, අතීතයේ වුණු දරුණු අනතුරක් නිසා එයාගේ මතකය වගේම ඇසීමේ හැකියාවත් අහිමි වෙලා ලොකු රහසක් හැංගිලා තියෙනවා. මේ හා-රන්ට අහම්බෙන් වූ-චාන්ව මුණගැහෙනවා. මේ හමුවීමත් එක්ක හා-රන්ගේ ඒකාකාරී, සීතල ජීවිතේට ලොකු වෙනසක් දැනෙන්න ගන්නවා. ඒ වගේම වූ-චාන්ටත් හා-රන්ව මුණගැහුණට පස්සේ එයාගේ අතීතයේ හැංගිලා තිබුණු ඒ ලොකු රහසට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ▫️️අතීතයේ තුවාල එක්ක හිරවෙලා ඉන්න මේ දෙන්නට, එකිනෙකාගේ ජීවිත වලට වසන්තයක් වෙන්න පුළුවන් වෙයිද? ▫️️වූ-චාන්ගේ හැංගුණු අතීත රහස මොකක් වෙන්න ඇත්ද? ▫️️හා-රන්ගේ හිතේ තියෙන වේදනාව නැති කරලා ආදරේ පුරවන්න වූ-චාන්ට පුළුවන් වෙයිද? Melodrama සහ Rom-Com රසිකයන්ට මේක අනිවාර්යයෙන්ම බලන්න වටින කතාවක් වෙවි. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ හැඟීම්බර, ඒ වගේම ලස්සන ආදර කතාව නරඹන්න කියලා. මම ප්‍රමුඛ විශ්වජිත්