XStream.lk

Killing Faith

HD 108 min 2025

Killing Faith

5.3

‘Killing Faith’ කියන්නේ 2025 වසරේ නිකුත් වුණු Western ටයිප් එකේ කතාවක්.. Western Thriller වයිබ් එකට කැමති අයට ගැළපෙන කතාවක්.. IMDb දර්ශකයේ 5.6 ක අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 76% ක අගයකුත් ලබාගත්තු Academy Awards නිර්දේශිත නළුවෙකු රංගනයෙන් දායක වන ලස්සන චිත්‍රපටයක්.. කතාව මෙහෙමයි.. චිත්‍රපටයට පසුබිම සැකසෙන්නේ 1849 වසරෙන්.. ඇරිසෝනා ප්‍රාන්තයේ ගොවිපලක් තමන්ගේ ජීවිකාව කරගෙන ජීවත් වෙන කළු ජාතික එක් දරු මවක් ඉන්නවා.. ඒ කාලේ හැටියට මෙයා වහල් භාවයට පත්වෙලා ඉඳලා නිදහස ලබපු කෙනෙක්.. මෙයාට ඉන්නවා පුංචි ගෑණු ළමයෙක්.. මේ ළමයා විශේෂයි.. ඒ කියන්නේ මෙයාගේ අත් දෙකට නිතරම ග්ලවුස් දෙකක් දාලයි තියන්නේ, හේතුව තමයි මෙයා අල්ලන ඕනෑම දෙයක් සාපයට භාජනය වෙනවා.. දවසක් මේ ළමයා අශ්වයෙක් ග්ලවුස් ගලවලා අල්ලලා ක්ෂණයකින් ඒ සතා මැරිලා වැටෙනවා.. මෙන්න මේ හේතු හින්දා මේ නගරේ විශ්වාස කරනවා මෙයා සාපලත් ළමයෙක් කියලා.. කට්ටිය කියන්නේ මේ ළමයා එක්ක මේ අම්මට තොලොංචි වෙලා නගරෙන් යන්න කියලා.. මේ අතරේ මේ අම්මට ආරංචි වෙනවා එක් ඩොක්ටර් කෙනෙක්, දේශකයෙක් ඉන්නවා කියලා දුර ඈත නගරෙක, මේ කෙනාට පුළුවන් කියලා මේ ළමයව සනීප කරන්න. ඉතින් ළඟ ඉතුරුවුණ ගතමනාව අරගෙන යන වියදම දරාගන්න උත්සාහ කළාට මේ ළමයට මාන බලන අපරාධකාරයන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රමයක් නැති බව තේරෙනවා.. මෙහෙම ප්‍රශ්නෙක මෙයා ඉන්නකොට මේ නගරෙම ඉන්නවා එක ඩොක්ටර් කෙනෙක්.. කාත් කවුරුත් නැති මේ ඩොක්ටර් සල්ලි බලාපොරොත්තුවෙන් මේ අම්මයි ළමයයි එක්ක නගරෙට යන්න එකඟ වෙනවා.. ඉතින් අපරාධකාරයන් රොත්තක් මැදින් මේ අයට ගමනාන්තය දක්වා පරිස්සමෙන් යාගන්න පුළුවන් වෙයිද? ගමනාන්තේ මොකක් වෙන්න පුළුවන්ද? අතරමගදී හම්බෙනවා ඇත්තේ මොන විදිහේ මිනිස්සුද? වගේම මේ එක් එක් චරිත වල පෞද්ගලික ජීවිතවල යටගියාවත් මේත් එක්කම විස්තර කෙරෙනවා. ජය!

Country
Released
03 Oct, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie