සුබ දවසක් හැමෝටම! අද මම උපසිරැසි අරගෙන ආව Sambavam Adhyayam Onnu (2026) කියන්නේ මලයාලම් භාෂාවෙන් නිර්මාණය කල mystery, fantasy, time-loop thriller චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jithu Satheesan Mangalathu විසින්. Askar Ali, Vineeth Kumar වගේම Sidharth Bharathan ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්‍තට ගියොත් අතුරුදහන් වුණු පොලිස් නිලධාරියෙක්ව හොයන්න කේරඅළ-තමිල්නාඩු මායිමේ තියෙන අද්භූත වනාන්තරයකට යන පොලිස් කණ්ඩායමක්, එතනදි time loop එකකට (කාල චක්‍රයකට) මැදිවෙලා මුහුණ දෙන අමුතුම අද්භූත සිදුවීම් මාලාවක් ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ. ඉතින් මුල ඉදලා ඉවරවෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් මේ සුපිරි ෆිල්ම් එක හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා! හැමෝටම බුදු සරණයි!