ඉතින් කොහොමද හැමෝටම, ඔන්න මම අලුත් ඩ්‍රාමා එකකට උපසිරැසි අරගෙන ආවා, මේ ඩ්‍රාමා එක මේ අවුරුද්දෙ ගොඩක් කතාබහට ලක් වුනා, නම තමයි (Perfect Crown) මමත් ගොඩක් කල් තිස්සෙ බලාගෙන හිටියා සබ් හදන්න පුළුවන් දවස් වලම රිලිස් වුන එක හොදට ගියා… එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ… 21වෙනි සියවසේ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක… සමාජ තරාතිරමක් හැර අනිත් ඔක්කොම තියන කාන්තාවක්… සිංහාසනය තහනම් වුන පිරිමියෙක්… තහනම් කඩන, සමාජ තත්වයට පටහැනි ආදර කතාව ♡♡♡ රජුගේ පුතා වුනත් කිසිම බලතලයක් නැති යි-අන් මහා කුමරු හැමදේම තිබිලත් සමාජ තරාතිරමක් නැති කාසල් සමුහයේ අවජාතක දුව සොං හුයිජු අපි ගොඩක් හිස්ටොරිකල් කතා බලලා තියනවා නේද? පලවෙනි එපිසොඩ් එකේ හැටියට සමාජ තරාතිරම ගැන ලොකුවටම යන නූතන කාලේ රජකතාවක් වගේ, හිස්ටොරිකල් කතාවලත් ගොඩක් ලොකුවට සමාජ තරාතිරම් පෙන්නනවානේ, ඉතින් අවජාතක දුවෙක් නිසා කොච්චර සල්ලි තිබුනත්, කොච්චර සැපසම්පත් තිබුනත්, කොච්චර දක්ෂවුනත් හැම තැනින්ම අපහස විදින හුයිජුට එයාගේ තාත්තා ප්‍රපෝසල් එකක් අරගෙන එනවා, එකත් එයාට වඩා අඩු සමාජ තරාතිරමක කෙනෙක් එක්ක, ඉතින් අහංකාර හුයිජු කවදාවත් ඒ වගේ කෙනෙක්ව නම් කසාද බදින්නේ නැහැ, මේ අතරේ තමයි පොඩි රජතුමාගේ උපන්දිය පාර්ටි එකේ පිස්සු නටපු යි-අන් මහා කුමරුව වෛරල් වෙන්නේ, එතකොට සමාජ තරාතිරම වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් හියිජුට මතක් වෙනවා… එහෙනම් අපි කතාව බලලාම ඒ ගැන දැනගමුකෝ, එහෙනම් හැමෝටම 21වෙනි සියවසේ මහා කුමරුගේ බිරිද කතාමාලාව බලන්න කියලා ආරාධනා කරනවා, මම සුදිෂ්නි ජාසිංහ, හැමෝටම සුබ දවසක්!