XStream.lk

Bloodhounds

HD 2023

Bloodhounds

8.4

හැලෝ හැමෝටම, ගොඩ දවසක් මඟ බලාගෙන හිටපු සුපිරිම ඇක්ෂන් කතාමාලාවක දෙවෙනි කොටස අද මම අරගෙන ආවා. පළවෙනි සීසන් එක පිස්සුවක් වගේ බලපු අයට නම් මේක කොහොමත් මගහැරගන්න බැරි වෙයි. වෙනදා වගේම ඇඟ හිරිවැටෙන සටන් ජවනිකා එක්ක, අලුත්ම කතාවක් අරගෙන තමයි අපේ බොක්සිං කොල්ලො දෙන්නා මේ පාරත් ඇවිත් තියෙන්නේ. මේ කතාවේ නම තමයි Bloodhounds Season 2. Action, Thriller සහ Crime කියන වර්ගීකරණයන්ට අයිති වෙන මේ කතාමාලාව 2026 අප්‍රේල් 3 වෙනිදා ඉඳන් Netflix හරහා විකාශය ආරම්භ වුණා. මේ පාරත් අපිට කතාංග 07ක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව මේ සුපිරි කතාමාලාව රසවිඳින්න පුළුවන්.පළමු කතාසමයේදී දරුණු පොලී කල්ලියක් එක්ක හැප්පිලා අන්තිමේදී ජයගත්ත ගොන්-වූ සහ වූ-ජින්, දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. ගොන්-වූගේ එකම හීනය වෙලා තිබුණේ බොක්සිං වළල්ලේ ශූරයෙක් වෙන එක. වූ-ජින්ගේ සහයෝගයත් එක්ක ගොන්-වූ ඒ හීනය හැබෑ කරගන්නවා. ඒත් මේ සතුට වැඩි කාලයක් පවතින්නේ නෑ. අපේ කොල්ලන්ගේ ජීවිතවලට කඩාපාත් වෙන අලුත්ම සතුරා තමයි ‘බෙක් ජොන්ග්’. මෙයා කලින් හිටපු අයට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ මෙයා සාමාන්‍ය පොලී මුදලාලි කෙනෙක් නෙමෙයි, ජාත්‍යන්තර මට්ටමින් නීතිවිරෝධී ‘යටි බිම් බොක්සිං ලීගයක්’ (underground boxing league) මෙහෙයවන අතිශය භයානක කෙනෙක්. තමන්ගේ බලය පාවිච්චි කරලා දක්ෂ බොක්සිං ක්‍රීඩකයන්ව මේ අඳුරු ජාවාරමට ඇදලා ගන්න එක තමයි මෙයාගේ වැඩේ. අවාසනාවකට වගේ ගොන්-වූත් මේ බෙක් ජොන්ග්ගේ ඇස ගැටෙනවා. තමන්ගේ ආදරණීයයන්ව ආරක්ෂා කරගන්න නම්, ගොන්-වූටයි වූ-ජින්ටයි ආයෙමත් වතාවක් තමන්ගේ අත් දෙකේ හයිය විශ්වාස කරලා සටනට බහින්නම සිද්ධ වෙනවා. ▫️️ පරණ සතුරන්ට වඩා ගොඩක් දරුණු මේ ‘බෙක් ජොන්ග්’ව පරාජය කරන්න අපේ බොක්සර්ස්ලා දෙන්නට මොන වගේ සැලසුමක් ගහන්න වෙයිද? ▫️️ ජාත්‍යන්තර පාතාල ජාලයක් එක්ක තනියම හැප්පෙන එක ලේසි වෙයිද? ▫️️ පළවෙනි සීසන් එකටත් වඩා වේගවත් සටන් තියෙන මේ කතාවේ අවසානය කොහොම වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කතාව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. තව එක පුංචි දෙයක් මතක් කරන්න ඕන. මේ කතාවේ බොක්සිං වළල්ල ඇතුළේ පාවිච්චි වෙන තාක්ෂණික වචන සහ යෙදුම් ගොඩක් තියෙනවා. උපසිරැසිය කියවන්න බාධාවක් නොවෙන්න ඕන නිසා, මම ඒ හැමදෙයක්ම ලොකුවට විස්තර කරන්න ගියේ නැහැ. කතාවේ රසාස්වාදයට හානියක් නොවෙන විදිහට සරලව අදහස විතරක් ගළපලා තියෙනවා. ඉතින් අපේ කොල්ලො දෙන්නට මේ අලුත්ම අභියෝගය ජයගන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකෝ. එහෙනම් අදට මම සමුගන්නවා. 🥊මම ප්‍රමුඛ විශ්වජිත්🥊

Country
Genre
Released
09 Jun, 2023
0 comments
Log in to comment !

No comments yet!

Episode 1

Season 1 Episode 1

Episode 2

Season 1 Episode 2

Episode 3

Season 1 Episode 3

Episode 4

Season 1 Episode 4

Episode 5

Season 1 Episode 5

Episode 6

Season 1 Episode 6

Episode 7

Season 1 Episode 7

Episode 8

Season 1 Episode 8

Recommended For You

The Scarecrow
2026

The Scarecrow

Crime TV Show
Daredevil: Born Again
2025

Daredevil: Born Again

Drama TV Show
Gold Land
2026

Gold Land

Drama TV Show
Kaptaan
2026

Kaptaan

Crime TV Show
A Good Girl's Guide to Murder
2024

A Good Girl's Guide to Murder

Crime TV Show
M.I.A.
2026

M.I.A.

Crime TV Show
Phantom Lawyer
2026

Phantom Lawyer

Drama TV Show
Perfect Crown
2026

Perfect Crown

Comedy TV Show