අධිකරණය සහ නීතිය පසෙකලා, තමන්ගේම නීතියක් රජකරවන නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? ජ්වලබාද් (Jwalabad) නගරයේ වීදි පුරා ඇරඹෙන පාතාල කල්ලි ගැටුම් සහ ඊට එරෙහිව නැගී සිටින සුප්‍රසිද්ධ පොලිස් නිලධාරියෙකුගේ (Celebrity Cop) කතාවයි Kaptaan (2026). මෙය සාමාන්‍ය පොලිස්-හොරු කතාවකට වඩා එහා ගිය, Crime, Drama සහ Thriller යන ෂානරයන් මනාව මුසු වූ කතාමාලාවකි.කතාව ගෙතෙන්නේ SSP සමර්දීප් (SSP Samardeep) වටායි. මේ චරිතය සඳහා පණ පොවන්නේ දක්ෂ නළු Saqib Saleem විසිනි. ඔහු නගරයේ පාතාලය මර්දනය කරන අනුකම්පා විරහිත නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ඔහුගේ මේ දැඩි ප්‍රතිරූපය පිටුපස සැඟවුණු අඳුරු අතීතයක් තිබෙනවා. රුපියල් කෝටි 180ක දැවැන්ත ටෙන්ඩරයක් මුල් කරගෙන මුන්නා, ටින්නු සහ ශාහීන් අතර ඇතිවන යුද්ධය මැදට සමර්දීප් පිවිසෙන්නේ මේ නගරය පිරිසිදු කිරීමේ අරමුණින්. නමුත් කතාවේ සැබෑ හැරවුම් ලක්ෂය වන්නේ කබීර් (Kabir) ගේ පැමිණීමයි. Siddharth Nigam විසින් රඟපාන කබීර් යනු අතීතයේදී සමර්දීප්ගේම අනුගාමිකයෙකු වූ, නමුත් දැන් ඔහුගේ ප්‍රධානම සතුරා බවට පත්ව සිටින තරුණයෙක්. තම ගෞරවය, පවුල සහ රාජකාරිය අතර සිරවන සමර්දීප්ට අවසානයේදී යුක්තිය සහ පළිගැනීම අතර සියුම් රේඛාව තෝරාගැනීමට සිදුවෙනවා.