මේක නම් Netflix හරහා නිකුත් වුණු, පට්ටම thrill එකක් දෙන survival movie එකක්. හිතලා බලන්න, එක පැත්තකින් මුළු නගරයක්ම විනාශ කරන්න එන දරුණු Category 5 සුළි කුණාටුවක්. අනිත් පැත්තෙන් කුණාටුවත් එක්ක ගොඩගලන මුහුදු වතුරත් එක්කම නගරයට කඩා වදින බඩගිනි මෝරු රංචුවක්! මේ තත්ත්වය ඇතුළේ තමයි මුළු කතාවම දිවයන්නේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන Dakota (එළියට යන්න බියක් දක්වන කෙනෙක්) සහ ගැබිණි මවක් වෙන Lisa, මේ විනාශය අස්සේ කොටු වෙනවා. වතුරෙන් යටවුණු නගරය ඇතුළේ, ලේ සුවඳට එන මෝරුන්ගෙන් බේරිලා මේගොල්ලෝ කොහොමද තමන්ගේ ජීවිතේ බේරගන්නේ කියන එක තමයි මෙහි තියෙන ප්‍රධානම කුතුහලය. විශේෂයෙන්ම තිරයේ දකින දේවල් සහ sound effects එක්ක බලද්දී, මේක සෑහෙන දුරට ප්‍රේක්ෂකයාගේ ඇඟ කිලිපොළා යන අන්දමේ චිත්‍රපටයක්.