නිව්යෝර්ක් නුවර ජීවත් වෙන ඊවි කියන්නේ, එයාගේ අම්මාගේ මරණයෙන් පස්සේ තනි වුණු අහිංසක තරුණ කෙල්ලෙක්. දවසක් මෙයා තමන්ගේ පවුලේ ඉතිහාසය ගැන හොයන්න කරන DNA පරීක්ෂණයකින් පස්සේ එයාට දැනගන්න ලැබෙනවා එංගලන්තයේ ජීවත් වෙන ඔලිවර් ඇලෙක්සැන්ඩර් කියන එයාගේ ඥාති සහෝදරයා ගැන. මේ සම්බන්ධය ගැන තව දේවල් කතා කරගන්න දෙන්නා තැනකදි මුණ ගැහෙනවා. මේ කතාව වෙන අතරේ ඔලිවර්ගේ ඊවිට ආරාධනයක් ලැබෙනවා එංගලන්තයේ තියෙන එයාලගේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගි වෙන්න කියලා. ඊවිට තියෙන්නේ ඇවිත් ඒකට සහභාගි වෙන්න විතරයි. යන වියදම් ඔක්කොම ඔලිවර් බලාගන්නම් කියනවා. කාත් කවුරුවත්ම නැතිව තනිව හිටපු ඊවිට මේ ලැබුණු අවස්ථාව මහා මෙරක් තරම් වටින බව දන්න නිසා මෙයා මේ ගමනට කැමති වෙනවා. විවාහ උත්සවයට එංගලන්තෙට එන ඊවිට නවාතැන් ගන්න ලැබෙන්නේ විශාල මන්දිරයක. මේකේ අයිතිකාරයා වෝල්ටර්. මෙයා හරිම කඩවසම් තරුණයෙක්. යල් යද්දී මේ දෙන්නා අතරේ ආදර සම්බන්ධයකුත් ඇති වෙනවා. හැබැයි ටික දවසක් යද්දි මේ මන්දිරයේ ඇතුලේ හිතා ගන්න බැරි දේවල් වලට ඊවිට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේම මේ මන්දිරයේ වැඩට එන සේවිකාවනුත් අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. ඉතිං ඒ විදිහට සිද්ධ වෙන අභිරහස් දේවල් වලට ඇත්තම හේතුව දැන ගන්න නම්, ඔයාලට මේක බලන්නම වෙනවා. නරඹන්නන්ගේ අවධානයට, මෙම සිනමාපටය PG-13 ගණයට අයත් වුනත්, මේකේ පහත දේවල් යම් තාක් දුරකට ඇතුළත් වෙනවා, නිරුවත් සහ ලිංගික දර්ශන දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම් අසභ්‍ය වචන (මෙම චිත්‍රපටය වයස අවුරුදු 13ට අඩු දරුවන් නරඹනවා නම්, වැඩිහිටි අවධානය යටතේ නැරඹීම වඩාත් සුදුසුයි.) එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!