මහ රෑ ගුවන්විදුලි නාලිකාවකින් ඇහෙන අමුතුම ප්‍රවෘත්තියක් එක්ක, කැලෑවක් මැදින් මතුවෙන අද්භූත ද්වාරයක් ගැන ඇහුවොත් ඔයා මොකද කරන්නේ? Portal In The Pines (2025) කියන්නේ කුතුහලය සහ ත්‍රාසය පිරුණු Sci-Fi / Thriller සිනමා නිර්මාණයක්. විද්‍යාවේ සීමාවන් ඉක්මවා ගිය දේවල් පාලනයෙන් ගිලිහුණාම සිද්ධවෙන දරුණු ප්‍රතිඵල මේ චිත්‍රපටියෙන් අපූරුවට පෙන්නලා දෙනවා.කතාව ආරම්භ වෙන්නේ රහසිගත විද්‍යාත්මක පරීක්ෂණයක් වැරදී යාමකින්. Collider core එකක සිදුවන අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් නිසා කැලෑවක් මැද වෙනත් මානයකට විවෘත වන ද්වාරයක් (Portal) හදිසියේම නිර්මාණය වෙනවා. මේ අතරතුර 96X රේඩියෝ නාලිකාවේ Midnight Mike Steel ගේ මධ්‍යම රාත්‍රී වැඩසටහනට මේ ප්‍රදේශයේ සිද්ධවෙන අමුතුම දේවල් ගැන තොරතුරු ගලාගෙන එන්න ගන්නවා. පාලනයෙන් තොර වුණු මේ අද්භූත ද්වාරය වටා එකතුවෙන චරිත, තමන්ගේ ජීවිතය බේරාගන්න වගේම ලෝකය ආරක්ෂා කරන්න ගන්නා උත්සාහය තමයි කතාවේ හරය වෙන්නේ. අවසානයේදී තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා කරන කැපකිරීම් වෙනුවෙන් Medal of Valor පදක්කම පවා හිමිවන තරමේ වීර ක්‍රියාවකින් කතාව අවසන් වෙනවා.