රාත්‍රියක් ගත කිරීම සඳහා කොල්කටා නගරයේ හෝටල් කාමරයක් සොයන තරුණ ජෝඩු දෙකක් වන රියා, පායල්, බබායි සහ පෙලේට තමන් විවාහ වී නොමැති වීම හේතුවෙන් බොහෝ හෝටල් වලින් ප්‍රතික්ෂේප වීමට සිදුවෙනවා. වෙනත් විකල්පයක් නොමැති තැන ඔවුන් තීරණය කරන්නේ රහසිගතව රාත්‍රියේ වසා දමා ඇති සාප්පු සංකීර්ණයකට ඇතුළු වීමටයි. ඔවුන්ගේ එකම අරමුණ විනෝද වීම වුවත්, එහිදී ඔවුන්ට මුණගැසෙන අද්භූත මහලු කාන්තාවක් සමඟ ආරම්භ කරන “ලූඩෝ” (Ludo) ක්‍රීඩාව ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස් කරනවා. මේ ක්‍රීඩාව සාමාන්‍ය එකක් නොව, පරාජය වන්නන්ට මරණය සහ රුධිරය පමණක් හිමිවන අතිශය මාරාන්තික ශාපයක්.