XStream.lk

Lee Cronin's The Mummy

CAM 133 min 2026

මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු යාවත්කාලින කරනු ලැබේ.

Lee Cronin's The Mummy

6.7

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා, ඒ කියන්නේ මේ අවුරුද්දට කරන පලවෙනි උපසිරැසිය තමයි මේක. අරගෙන ආවෙත් සුපුරුදු පරිදි Horror චිත්‍රපටියක්. කොහොම හරි මේකට උපසිරැසි කරන්න නම් මට කිසිම අදහසක් තිබුණේ නෑ, ඒත් අපේ බයිස්කෝප් සහෝදර විහඟ මේක බලලා කාලෙකට පස්සේ බලපු සුපිරිම horror චිත්‍රපටය කියලා රිවීව් එකක් දුන්න නිසා, කොහොම හරි මාත් මේක බලලා අන්තිමේ නතර වුණේ සබ් එකත් කරලා. ඒ වගේම කියන්න ඕනේ ඔහු කිව්වා වගේම මේක සුපිරිම හොරර් චිත්‍රපටයක් තමයි. මං එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එකක් මේක හොඳට ඩීටේල්ස් දාල, කතාව සවිස්තරාත්මකව හදලා තියෙනවා රශ් එකක් නැතුව. ෆිල්ම් එකේ රන් ටයිම් එකත් පැය 2 විනාඩි 14යි, අනිත් හොරර් ෆිල්ම් වගේ පැය එක හමාරේ එකක් නෙමෙයි මේක. අනිත් එක තමයි මේකෙ එන්ඩ් එක, ගොඩක් හොරර් චිත්‍රපට වලට වඩා වෙනස්ව මේකෙදි අපිට තෘප්තිමත් විය හැකි අයුරේ අවසානයක් දීල තියෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාලට මතකද දන්නෑ මමම ඔයාලට කලින් උපසිරැසි ගෙනාපු Evil Dead Rise චිත්‍රපටය, ඒකත් අධ්‍යක්ෂණය කරේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Lee Cronin විසින්. කොහොම හරි අධ්‍යක්ෂකවරයා තහවුරු කරලා තියෙනවා මේ ඊවිල් ඩෙඩ් චිත්‍රපටයයි, අලුත් Lee Cronin’s The Mummy චිත්‍රපටයයි එකම යුනිවර්ස් එකක සිද්ද වෙන චිත්‍රපට බවට. ඒ කියන්නේ ඉස්සරහට මේ චිත්‍රපට වල Crossover එකක් වුණත් එන්න ඉඩ තියෙන බවයි. ඒ ගැන අපි බලමු ඉස්සරහට. මොකද ඊවිල් ඩෙඩ් එක නම් ඉස්සරහට ඇදෙනවා, දැනටමත් චිත්‍රපට දෙකක් එනවා කියලා සදහන් කරලා ඉවරයි. එකක් මේ අවුරුද්දේ ජූලි 10 වෙනිදා සිනමාශාලවල් වලට නිකුත් වෙනවා Evil Dead Burn නමින්, අනික Evil Dead Wrath නමින් 2028 අප්‍රේල් වල නිකුත් වෙන්න නියමිතයි. ඒත් තාම මේ Lee Cronin’s The Mummy චිත්‍රපටයේ තව ඒවා එයිද කියලා සදහනක් නෑ, හැබැයි එන්න ඉඩ තියෙනවා මොකද මේක ඇමරිකානු ඩොලර් මිලියන 22ක මුදලකින් නිෂ්පාදනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 83ක මුදලක් හොයලා තියෙනවා. බජට් එක අනුව චිත්‍රපටය ලාභ උපයන්න පුළුවන් මට්ටමකට ඇවිත් තියෙන නිසා මේකෙ ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. කොහොමත් චිත්‍රපටය නිකුත් වුණේ අප්‍රේල් 17 වෙනිදා වෙබ් පිටපත් නිකුත් වෙන්නේ මැයි 19 වෙනිදා, අපිට ඉස්සරහට මේකෙ තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනෙ. මේක කෙහෙත්ම කලින් Mummy ෆ්‍රැන්චයිස් එකට සම්බන්ධ නෑ, Universal Pictures විසින් කරපු. මේක අළුත්ම වෙනම වැඩක් Warner Bros ලගේ New Line Cinema සහ Blumhouse Productions විසින් කරන. ඒ නිසා කලින් Mummy ෆිල්ම් වල තිබුණ වික්‍රමාන්විත මේකෙන් හොයන්න ගිහිල්ලා බලාපොරොත්තු බිඳගන්න නම් එපා, මොකද මේක අමු, බිහිසුනු තනිකර horror චිත්‍රපටයක්. මේකෙ ප්‍රේක්ශක ප්‍රතිචාර අඩුවෙන්න මේ නමේ පැටලවිල්ල හේතු වෙලා තියෙනවා, ඒ අනුව IMDb දර්ශකේ 6.4 ක හොඳ අගයකුත් කුණු තක්කාලි 47%කුත් ලැබිල තියෙනවා. කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම් ඔයාලට තව මේක ගැන අදහසක් ගන්න, ප්‍රවෘති රැකියාවක් නිසා ඊජිප්තුවේ කයිරෝවට පැමිණි පවුලක් වටා තමයි මේකෙ කතාව ගෙතෙන්නේ. මේ පවුලේ ඉන්නවා අම්මයි(ලරීසා), තාත්තයි(චාලි), දුවයි(කේටි), පුතයි(සෙබ්). හිටියැටියේ දවසක් මායාකාරියක් වැනි ගැහැණු කෙනෙක් ඇවිත් මේ පුංචි කේටිව පැහැරගන්නවා. පොලීසියෙන් සහ මේ පවුලේ අය කොච්චර හෙව්වත් එයාව හම්බවෙන්නේ නෑ, මෙහෙම අවුරුදු අටක් ගත වෙනවා. ඊට පස්සේ චාලිට කයිරෝවේ US එම්බසියෙන් කෝල් එකක් එනවා කේටිව හම්බුණයි කියලා. හම්බුණත් ඇය සෑහෙන්න විකෘති වෙලා, ප්‍රචන්ඩ වෙලා. ඇයි මෙහෙම වුණේ? කවුද කේටිව පැහැර ගත්ත ගැහැණු කෙනා? මොකක්ද කේටිට වුණේ? කොහොමද කේටිව නැවත හම්බ වුණේ? මේවාට උත්තර ඕනෙ නම් ඔයාලට මේක බලන්නම වෙනවා. මේ ආකාරයේ කතාවක් තමයි Lee Cronin’s The Mummy කියන්නේ වික්‍රමාන්විතරයක් නෙවෙයි, හොරර් එකක්. මේ පොඩි කරුණ ඔළුවට දාගෙන බැලුවා නම් සහතික වෙන්න පුළුවන් ඔයාල මේක බලලා ඉවර වුණාම Disappoint වෙන්නේ නම් නෑ කියලා. මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් Jack Reynor / Laia Costa / May Calamawy / Natalie Grace / Verónica Falcón මේ අයව බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිම වශයෙන් ස්තූතියි කරන්න ඕනෙ අපේ බයිස්කෝප් රුක්ෂාන් සහෝදරයාට මේ කැම් කොපියට ගැලපෙන විදිහට සබ් එක සින්ක් කරලා දුන්නට, ඔහු නැත්තම් කැම් එකට සබ් දෙන්න වෙන්නෙත් නෑ. එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ, කාලෙකින් මුළු චිත්‍රපටයම බලලා අන්තිමට සෑහීමකට පත් වෙන්න පුළුවන් හොරර් චිත්‍රපටයක් බලන්න ඕන්නම් මෙන්න බඩු. අරන් බලන්න. උපසිරැසිය නම් දීලා තියෙන්නේ කැම් කොපි වලට හදිසි අයට ඕන්නම් බලන්න, හදිසි නැත්තම් මැයි 19 වෙනකල් ඉවසලා ඔරිජිනල් වෙබ් පිටපත් නරඹන්න. අපි ඒ වෙද්දි වෙබ් පිටපත් වලටත් අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් බොහෝදුරට වෙලාවක් ලැබුණොත් Evil Dead Burn චිත්‍රපටයෙන් නැවත හමුවෙමු. ජයවේවා!

Country
Genre
Released
15 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Re/Member
103 min 2022

Re/Member

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie