තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට මනුෂ්‍ය මනසක් සජීවීකරණය කළ රොබෝ සතෙකුගේ ශරීරයකට මාරු කරන්න පුළුවන් වුණොත් මොකක් වෙයිද? මේ අමුතුම වගේම ත්‍රාසජනක සංකල්පය තමයි Hoppers (2026) චිත්‍රපටයෙන් අපිට දැකගන්න ලැබෙන්නේ. මේක නිකම්ම නිකම් සජීවීකරණ චිත්‍රපටයක් නෙවෙයි; පරිසරය, තාක්ෂණය සහ සතුන්ගේ අයිතිවාසිකම් ගැන ඉතාම අපූරු පණිවිඩයක් ලබා දෙන Adventure, Animation, Comedy ඝණයට අයත් වෙන නිර්මාණයක්.කතාව ගෙතෙන්නේ සතුන්ට දැඩිව ආදරය කරන Mabel (හඬ කැවීම: Piper Curda) වටායි. බීවර්ටන් නගරයේ නගරාධිපති වෙන Mayor Jerry Generazzo (හඬ කැවීම: Jon Hamm) අලුත් අධිවේගී මාර්ගයක් (Beltway) ඉදිකරන්න සැලසුම් කරනවා. හැබැයි මේ නිසා සතුන්ගේ ස්වභාවික වාසස්ථානයක් වෙන ‘Glade’ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. නගරාධිපතිවරයාගේ මේ අත්තනෝමතික තීරණය නවත්වන්න මේබල්ට අවශ්‍ය වෙනවා. මේ අතරතුර ඇයට මුණගැහෙනවා Dr. Sam (හඬ කැවීම: Kathy Najimy) විසින් නිර්මාණය කළ Hoppers නම් අපූරු තාක්ෂණික උපාංගය. මේ හරහා ඇයට පුළුවන් වෙනවා ඇගේ මනස කෘතිම බීවර් සතෙකුගේ ශරීරයකට මාරු කරගෙන සැබෑ සතුන් සමඟ සන්නිවේදනය කරන්න. ඇය සත්ව ලෝකයට ගිහින් King George (හඬ කැවීම: Bobby Moynihan) නම් බීවර් රජුව මුණගැසී මේ විනාශය නවත්වන්න සැලසුම් කරනවා. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ, මොකද Insect King (හඬ කැවීම: Dave Franco) වගේ අමුතු චරිතත් මේ සටනට මැදිහත් වෙන නිසා.