ලෝකයම මහා විනාශයකට මුහුණදෙමින් පවතින අවස්ථාවක, කාලය හරහා ගමන් කළ හැකි රණශූරයෙක් විසින් අතිශය භයානක පුරාණ බලවේගයක් පරාජය කිරීම සඳහා ඉතිහාසයේ සිටි අතිදක්ෂතම සටන්කාමීන්ව එකම තැනකට කැඳවනවා. මේ අතරට ප්‍රංශය බේරාගැනීමට ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කළ වීරවරිය වන ජෝන් ඔෆ් ආර්ක් (Joan of Arc) පවා අයත් වෙනවා. එමෙන්ම කතාවේ එක් තීරණාත්මක අවස්ථාවකදී, විෂ නාශකයක් (antidote) සෑදීම සඳහා ඊජිප්තුවේ සුප්‍රකට ක්ලියෝපැට්රාගේ (Cleopatra) දැනුම පවා ඔවුන් යොදාගන්නා ආකාරය අපට දැකගන්න පුළුවන්.