XStream.lk

Happy Patel: Khatarnak Jasoos

HD 122 min 2026

Happy Patel: Khatarnak Jasoos

7.5

ප්‍රකට විකට නළු වීර් දාස් (Vir Das) ගේ අධ්‍යක්ෂණයෙන් සහ ආමීර් ඛාන්ගේ නිෂ්පාදනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය, සාම්ප්‍රදායික රහස් පරීක්ෂක කතාවලට වඩා හාත්පසින්ම වෙනස් එකක්. මෙහි ප්‍රධාන චරිතය වන “හැපී පටෙල්” කියන්නේ ලන්ඩන් වල ඉන්න, රහස් පරීක්ෂකයෙක් වෙන්න හීන මවන, හැබැයි කරන හැම වැඩක්ම වරද්දාගන්නා අමුතුම චරිතයක්. තමන් ඉන්දියානු සම්භවයක් ඇති අයෙක් බව දැනගන්නා හැපී, ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයට එන්නේ විශේෂ මෙහෙයුමකටයි. ඒ, පැහැපත් වන ක්‍රීම් වර්ගයක රහස් සූත්‍රයක් (Fairness formula) සොයාගෙන විද්‍යාඥයෙක් බේරාගැනීමටයි. එහිදී ඔහුට මුණගැසෙන දුෂ්ට චරිතය වන්නේ “මමා” (Mona Singh) නම් වූ කාන්තාවයි. ඇය අපරාධකාරියක් වගේම කෑම පිසීමට දැඩිව ප්‍රිය කරන කෙනෙක් වීම කතාවට අපූරු හාස්‍යයක් එක් කරනවා. වීර් දාස්ගේ හාස්‍යජනක රංගනයට අමතරව, මෝනා සිං, මිතිලා පල්කාර් සහ ශාරිබ් හෂ්මි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. විශේෂයෙන්ම වසර ගණනාවකට පසු ඉම්රාන් ඛාන් මෙහි කරන ආරාධිත රංගනය ප්‍රේක්ෂකයින්ට ලොකු පුදුමයක් වුණා. මේක හරියට “කාටූන්” එකක් බලනවා වගේ හිතට කිසිම බරක් නැතිව බලන්න පුළුවන් නිර්මාණයක්. ලොකු තර්ක විතර්ක හොයන්නේ නැතිව, හිනා වෙන්න විතරක් බලන කෙනෙක්ට මේක කදිමයි. චිත්‍රපටය අතරතුර නළුවන් සෘජුවම ප්‍රේක්ෂකයන් සමඟ කතා කරන අවස්ථා මෙහි තියෙනවා. එය චිත්‍රපටයට නව්‍ය බවක් එක් කරනවා.

Country
Released
16 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie
The Dresden Sun
129 min 2026

The Dresden Sun

Science Fiction Movie