2026 වසරේ පෙබරවාරි මස මුලදී තිරගත වීම ආරම්භ කළ The Dresden Sun (ද ඩ්‍රෙස්ඩන් සන්) යනු හොලිවුඩයෙන් ආපු අලුත්ම Sci-Fi Heist (විද්‍යා ප්‍රබන්ධ හා මංකොල්ලකෑම්) ගණයට අයත් චිත්‍රපටයක්. Michael Ryan විසින් මෙය රචනා කර අධ්‍යක්ෂණය කර තිබෙනවා. මෙය දිවයන්නේ අනාගත ලෝකයේ දැවැන්ත සමාගම් අතර පවතින රහසිගත බල අරගලයක් මැදින්. අමිහිරි අතීතයක් තියෙන දක්ෂ කුලී හේවායෙක් ‘Peredor’ නම් දැවැන්ත සමාගමකින් “The Sphere” නමින් හැඳින්වෙන අතිශය වටිනා තාක්ෂණික වස්තුවක් හොරකම් කරන්න ඇතුළේ කෙනෙක් එක්කම සැලසුම් කරනවා. හැබැයි මේ මංකොල්ලය හිතපු විදිහටම වෙන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම වරදිනවා. මේ අතරේ බලවත් ආයෝජන සමාගමක වැඩ කරන මූල්‍ය විශ්ලේෂකයෙක්, මේ දැවැන්ත සමාගම් වල තාක්ෂණික ඔත්තු බැලීම් සහ මූල්‍ය වංචාවන් මැද්දට අහම්බෙන් මැදිවෙනවා. ඔහුට සිද්ධ වෙනවා ලෝකයේ ඉන්න දරුණුම සහ පිස්සුම හමුදා කොන්ත්‍රාත්කරුවෙක්ගෙන් බේරිලා පලා යන්න.