XStream.lk

Project Hail Mary

HD 157 min 2026

Project Hail Mary

8.2

අද මම ඔයාලට අරගෙන ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණ සුපිරිම Sci-Fi චිත්‍රපටියක් වෙන Project Hail Mary සඳහා සිංහල උපසිරැසියයි. The Martian ලියපු Andy Weir ගේ තවත් අතිශය ජනප්‍රිය නවකතාවක් තමයි මේ විදියට සිනමාවට නැගෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන රයිලන්ඩ් ග්‍රේස් ලෙස රංගනයෙන් දායක වෙන්නේ කවුරුත් ආදරය කරන Ryan Gosling විසිනුයි. ​කතාව ගැන ටිකක් කිව්වොත්… රයිලන්ඩ් ග්‍රේස් කියන්නේ පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන අභ්‍යවකාශ යානයක තනියම අවදි වෙන විද්‍යාඥයෙක්. හැබැයි අවදි වෙද්දී එයාට එයා කවුද, කොහොමද එතනට ආවේ කියලා කිසිම මතකයක් නෑ. එයාගේ යානයේ හිටපු අනිත් කාර්ය මණ්ඩලයේ අයත් අවාසනාවන්ත විදියට මියගිහින්. ටිකෙන් ටික මතකය අලුත් වෙද්දී එයාට මතක් වෙනවා අපේ ඉරේ ශක්තිය උරාබොන ‘ඇස්ට්‍රොෆේජ්’ (Astrophage) කියන අමුතුම විදියේ ක්ෂුද්‍රජීවියෙක් නිසා ඉර ටිකෙන් ටික නිවීගෙන යනවා කියලත්, මේ නිසා මුළු පෘථිවියම හිමෙන් වැහිලා මිනිස් වර්ගයාම වඳවෙලා යන්න කිට්ටුයි කියලත්. ​මේ විනාශය නවත්තන්න විසඳුමක් හොයාගෙන ටාව් සෙටි (Tau Ceti) කියන තරු පද්ධතියට ආපු එකම බලාපොරොත්තුව ග්‍රේස් විතරයි. කිසිම උදව්වක් නැතුව තනිවෙලා ඉන්න මේ අමාරු ගමනේදී එයාට හිතාගන්නවත් බැරි විදියේ, සම්පූර්ණයෙන්ම වෙනස් අමුත්තෙක්ව මුණගැහෙනවා. ​ඉතින් ග්‍රේස්ට පුළුවන් වෙයිද ලෝකය බේරගන්න? කවුද මේ අමුත්තා? භාෂාවකට වඩා එහාට ගිය අපූරු මිත්‍රත්වයක් ගැන කියවෙන, විද්‍යාවයි කුතුහලයයි උපරිමයෙන් පිරුණ මේ ලස්සන කතාව අනිවාර්යයෙන්ම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා!

Country
Released
15 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Hoppers
105 min 2026

Hoppers

Adventure Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie
The Lightning Code
88 min 2025

The Lightning Code

Action Movie