XStream.lk

Hoppers

HD 105 min 2026

Hoppers

7.7

ඔන්න මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 මාර්තු මාසේ රිලීස් වුණු Pixar ලගේ අලුත්ම ඇනිමේෂන් ෆිල්ම් එක Hoppers ෆිල්ම් එකට සිංහල උපසිරැසි තමයි අද අරන් එන්නේ. මේ දවස්වලත් මේ ෆිල්ම් එක ලෝකේ පුරාම අති සාර්ථකව දුවනවා. ඩොලර් මිලියන 150ක් විතර වියදම් කරලා හදපු මේ ෆිල්ම් එක, රිලීස් වෙලා සති කිහිපයක් ඇතුළතදීම ඩොලර් මිලියන 300කට කිට්ටු වෙන්න හොයලා තියෙනවා කියන්නේ ලේසි නෑනේ. ඇත්තම කිව්වොත් 2017 ආපු Coco ෆිල්ම් එකෙන් පස්සේ Pixar ලා ගහපු ඔරිජිනල් ෆිල්ම් එකක් (ඒ කියන්නේ sequel නොවන අලුත්ම කතාවක්) මේ තරම් ලොකු ගාණක් මුල් දවස් ටිකේම හෙව්වමයි. පහුගිය කාලේ එයාලගේ සමහර ෆිල්ම්ස් බොක්ස් ඔෆිස් එකේ හිතපු තරම් හිට් වුණේ නැති නිසා ටිකක් වැටිලා හිටපු Pixar ටීම් එකට, Hoppers කියන්නේ ඇත්තටම මාරම comeback එකක්. Teasers එළියට දාපු කාලෙදීම මිනිස්සු අතර මේක මාර විදිහට ජනප්‍රිය වුණා. ​ඒකට එක හේතුවක් මේං මේ පොඩි කටුස්සා.🦎 මෙයා කළින් ආපු Elio ෆිල්ම් එකෙත් හිටියා මතක ඇති. ඉතින් එයා යටිගිරියෙන් කෑ ගහන එක පාදක කරගෙන සෑහෙන memes පවා හැදෙන්න පටන් ගත්තා. ඒකෙනුත් ෆිල්ම් එක හොඳ promotion එකක් ලැබුණා. මේ කතාව හැදුණු විදිහත් මාර ඉන්ටරෙස්ටින්. We Bare Bears කාටූන් සීරීස් එක කරපු ඩැනියෙල් චොංග් තමයි මේක ඩිරෙක්ට් කරන්නේ. ඔයාලා දන්නවද, මුලින්ම මේ කතාව ලියලා තියෙන්නේ ලෝකේ පුරාම අතුරුදහන් වෙන පෙන්ගුවින්ලා සෙට් එකක් ගැන කියවෙන රහස් පරීක්ෂක කතාවක් විදිහටලු. හැබැයි පස්සේ Pixar ලොක්කොත් එක්ක කතා කරද්දි එයාලට තේරිලා තියෙනවා කතාවේ ඉමෝෂනල් ගතිය තවත් වැඩි කරන්න නම් පෙන්ගුවින්ලා හරියන්නේ නෑ කියලා. ඒ වෙනුවට එයාලා බීවර්ලාව තෝරගෙන තියෙනවා. මොකද බීවර්ලා කියන්නේ අනිත් සත්තුන්ටත් ජීවත් වෙන්න පුළුවන් විදිහට පරිසරය වෙනස් කරන, හැමෝම එකතු වෙලා වැඩ කරන සත්තු ජාතියක්නේ. ඉතින් ෆිල්ම් එකෙන් දෙන්න හදන මැසේජ් එකටත් ඒක මාරම විදිහට සෙට් වෙලා තියෙනවා. ​මේ මිනිස්සුන්ගේ මොළේ රොබෝ සත්තුන්ගේ ඇඟවල් වලට දාලා සත්තුන්ගේ ලෝකෙට හොරෙන් රිංගන අදහස ඩැනියෙල් චොංග්ට ඇවිත් තියෙන්නේ Nature Documentary එකක් බලනකොට. ඒ වාර්තා වැඩසටහන් වල කැමරා හයි කරපු රොබෝ සත්තුන්ව කැලේට යවලා අනිත් සත්තුන්ගේ වැඩ රහසින් වීඩියෝ කරනවනේ. අන්න ඒක දැකලා තමයි මේ අදහස එයාගේ ඔළුවට ඇවිත් තියෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන ලස්සන දර්ශන වලටයි, කතාවේ වේගයටයි Avatar වගේ ෆිල්ම්ස් වලින්, Mission: Impossible වගේ ඇක්ෂන් ෆිල්ම්ස් වලින්, ඒ වගේම ඉස්සර ආපු Back to the Future වගේ සයන්ස් ෆික්ෂන් ෆිල්ම්ස් වලිනුත් ලොකු සපෝට් එකක් අරගෙන තියෙනවා. ​මේක හදද්දි වෙච්ච funny සීන් ටිකකුත් තියෙනවා. මේබල් කියන මේන් කැරැක්ටර් එක හදන්න ඩිරෙක්ටර්ට ආදර්ශයට අරන් තියෙන්නේ එයාගේම වයිෆ්ගේ හැසිරීම්ලු. ඒ වගේම බීවර්ලා ගැන හරියටම ඉගෙනගන්න ඕන නිසා, ඩිරෙක්ටර් ඇතුළු ටීම් එක ඇත්තම බීවර්ලා හදපු කූඩුවක් අස්සටත් රිංගලා බලලා තියෙනවා. තව විශේෂ දෙයක් තමයි, මීට කලින් ආපු Elio ෆිල්ම් එකේ ක්‍රෙඩිට්ස් යනකොට ඉන්න ඉමෝජි ටයිප් කරන කටුස්සාව මුලින්ම ඩිසයින් කරලා තියෙන්නෙත් මේ Hoppers එකේ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනෙක්මයි. ඒ වගේම Pixar ෆිල්ම්ස් බලන අය දන්නවනේ එයාලා හැමතැනම හංගන A113 නම්බර් එකයි, Pizza Planet ට්‍රක් එකයි ගැන. අන්න ඒ වගේ ඊස්ටර් එග්ස් ගොඩකුත් මේ ෆිල්ම් එක පුරාම මාරම සූක්ෂමව හංගලා තියෙනවා. ​අවුරුදු 6ක් විතර තිස්සේ මාර කට්ටක් කාලා හදපු මේ ෆිල්ම් එක, නියමම ස්ටෝරි එකක්, සුපිරි ඇනිමේෂන් ටිකක්, විහිලු සෙට් එකක් වගේම හිතට වදින මැසේජ් එකක් තියෙන නියම වැඩක් විදිහට මේ ෆිල්ම් එක හඳුන්වන්න පුලුවන්. එහෙනම් Hoppers බලන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු…

Country
Released
04 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Project Hail Mary
157 min 2026

Project Hail Mary

Science Fiction Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie
The Lightning Code
88 min 2025

The Lightning Code

Action Movie