XStream.lk

Flavia

HD 92 min 2026

Flavia

6.8

සුබ දවසක් වේවා හැමෝටම. අද අරගෙන ආපු ෆිලුම රහස් පරීක්ෂක කතාවක්‍. ඔයාලට මතකද 2020දි විකාශය වෙච්ච Millie Bobby රගපාපු Enola Holmes ෆිලුම..? අන්න ඒ් වගෙ පුංචි රහස් පරීක්ෂක වරියකගෙ වික්‍රමාන්විතයක් වටා ගොඩ නැගුණු කතාවක් මේක. කාලය, ඇදුම් පැළදුම්, දර්ශන තල, කතා විලාශය වගේම ප්‍රධාන චරිතය විශේෂ අවස්ථාවලදි කතාවෙ යථාර්ථයෙන් මිදිලා ඒ් අවස්ථාව ගැව වෙම පැහැදි කිරීමක් ප්‍රේක්ෂකයාට කිරීම වගේ සිනමා උපක්‍රම Enola Holmes ‌ෆිලුමෙ වගේම මේකෙත් දැක ගන්න පුළුවන්‍. Adventure, Comedy, Family, Mystery වැනි වර්ගීකරණ වලට අයත් මෙම නිර්මාණය Bharat Nalluriගෙ අධ්‍යක්ෂණයක්. Alen Bradley හා Susan Coyne තිර රචනයක් උනු මෙම චිත්‍රපටය IMDb 5.9ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිතය විදිහට Molly Belle Wrightද සම්භාවනීය නළුවන් වන Jonathan Pryce හා Martine Freemanද මෙම නිර්මාණය සදහා සිය දායකත්වය සපයලා තියන අතර බ්‍රිතාන්‍යයේ Sky Cinema හරහා මෙම නිර්මාණය පසුගිය අප්‍රේල් 4 වෙනිදා විකාශය කරලා තියෙනවා. කතාව දෙස හැරුනොත් වයස අවුරුදු 11 වුන පුංචි ෆ්ලාවියා ඉහල බුද්ධි මට්ටමක් හා තියුණු නිරීක්ෂණ හැකියාවක් ඇති කුඩා දැරියක්. ඇය කුඩා කලම ඇගෙ මව හැර ගොස් ඇති අතර ඇය රසායන විද්‍යාවට ඉතා ප්‍රිය කරණ සහ දක්ෂ කෙනෙක්. දිනක් රාත්‍රියක ඇගෙ පියාගෙ කාර්යාල කාමරයෙන් ඇහෙන කතාබහක ශබ්ධය විමසා බැලීමට යන පුංචි ෆ්ලාවියාට තම පියා නන්නාදුනන අයෙකු සමග බහින්බස්වීමක් නිරීක්ෂණය කරනවා. ඇය ඒම කතාබහට ඇහුම්කම් දීමට සූදානම් වනවිට ඇයගෙ නිවසේ උයන් පල්ලා පැමිණ ඇයව නැවත කාමරයට පිටත් කර හරිනවා. මධ්‍යම රාත්‍රියත් පසු වූ පසු තම උද්‍යානයේ ඇවිදින ෆ්ලාවියා හට නාදුන මළ සිරුරක් හමුවෙනවා. විපරම් කල බැලූ පසු ඒ් තම පියා සමග රාත්‍රියේ බහින්බස් වූ පුද්ගලයා බව තහවරු වෙනවා. ඉන් පසු මේ පිළිබදව පොලීසිය දැනුවත් කරන ‌ෆ්ලාවියාට පසුව දැනගැනීමට හැකිවන්නෙ පොලීසිය විසින් තම පියාව මිණීමැරුමේ සැක කරුවෙකු ලෙස අත්අංංගුවට ගෙන ඇති බවත් ඒහි දී පියා විසින් කරන ලද පාපොච්චාරණයකට අනුව මිණීමැරුම් චෝදනා මත අධි චෝදනා කර එල්ලා මරා දැමීමට නියමිත බවත්ය. නමුත් තම පියා නිර්දෝශී පුද්ගලයෙකු බවත් ඔහුට මිණී මැරීමේ හැකියාවක් නොමැති බවත් තරයේ විශ්වාස කරන පුංචි ෆ්ලාවියා පියාගේ නිර්දෝශී භාවය පොලීසියට ඔප්පු කිරීමට තනිව විමර්ෂණයක් අරඹනවා. ලැබෙන සියුම් හෝඩුවාවන් මතින් විවිධ තාර්කික උපකල්පණ ගොඩ නගමින් තම තීක්ෂණ බුද්ධියත් දැනුමත් පාදක කරගෙන පැටලුන නූල් බෝලයේ කෙළවරක සිට සෙමින් සෙමෙන් මනාව ලිහාගෙන ගැටළුව විසදීමට උත්සාහ දරමින් තම පියාට අසීමිත ස්නේහයක් ඇති ආදරණීය දියණීයකගෙ අපිරිමිත ධෛර්ය අධ්‍යක්ෂක වරයා විසින් මනාව නිර්මාණයට නගා තියනවා. ඉතිං ෆ්ලාවියාගෙ පියා හමුවෙන්න ආව ආගන්තුකයා කවුද? ඔහු මොකටද පැමිණියේ? ඔහුව මරා දැමුවේ කවුද? තම පියාව බේරගන්න පුළුවන් වෙයිද විතරක් නෙමෙ තම මව කොහෙද යන සියළු ප්‍රශ්න වලට පිළිතුරු පැයයි විනාඩි 32ක මෙම සලෙරුව බලලා සොගා ගන්න කියලා මම ආරාධනය කරනවා. නැවත උපසිරැසියකින් හමු වෙනකම් ඔබ සියළු දෙනාට ජයවේවා!

Country
Released
12 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Project Hail Mary
157 min 2026

Project Hail Mary

Science Fiction Movie
Hoppers
105 min 2026

Hoppers

Adventure Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie