මේ කතාව යන්නේ “The Creepers” කියලා හඳුන්වන, පරණ අතෑලා දාපු තැන් හොයාගෙන ගිහින් ඒක Social Media වල Live දාන තරුණ කණ්ඩායමක් ගැන. එයාලා මේ සැරේ තෝරාගන්නේ නිව් ජර්සි වල තියෙන පරණ, අභිරහස් Paragon Hotel එක. මේ හෝටලය ඇතුළේ ලොකු නිධානයක්, සල්ලියක් තියෙනවා කියලා කතාවක් යනවා. හැබැයි එයාලා ඒක හොයාගෙන යද්දී, එයාලට මුහුණ දෙන්න වෙන්නේ වෙනත් නිධන් හොරු සෙට් එකකට විතරක් නෙවෙයි… එතන ඉන්න බිහිසුණු, සුදුමැලි අද්භූත සත්වයෙකුටයි (Pale Creature). මේ බිහිසුණු සත්වයාගෙන් පණ බේරාගෙන එතනින් පැනගන්න එයාලට පුළුවන් වෙයිද?