කතාව ගෙතෙන්නේ “බුලට් සුනිල්” (Bullet Sunil) කියන අතීතයේ හිටපු දක්ෂ රේසර් කෙනෙක් සහ ඔහුගේ පුතා වන “විකාස්” හෙවත් “විකී” වටායි. සුනිල් කියන්නේ තමන්ගේ පුතාව ලෝකෙම දන්න චැම්පියන් කෙනෙක් කරන්න හීන දකින, ඒ වෙනුවෙන් පුතාව තදින් පාලනය කරන පුහුණුකරුවෙක් වගේම තාත්තා කෙනෙක්. විකී කියන්නේ අති දක්ෂ බයික් රේසර් කෙනෙක් වුණත්, තාත්තගේ මේ තදබල නීති රීති නිසා දෙන්නා අතර ලොකු ගැටුමක් තියෙනවා. මේ අතරතුර ING කියන කෝපරේට් සමාගමේ දූෂිත ක්‍රියාකාරකම් සහ අනෙක් රේසර්ස්ලා (විශේෂයෙන්ම අන්වර්) එක්ක තියෙන තරඟය කතාව තවත් උණුසුම් කරනවා.