කතාව පටන් ගන්නේ නගරයේ සිද්ධ වෙන අලුත් ඉදිකිරීමක් අතරතුර පොළව යටින් හමුවන ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර ඇටසැකිල්ලකින්. මේ ඇටසැකිල්ල ප්‍රදර්ශනයට තියලා තියෙද්දී, අඳුරු බලවේගයකට සේවය කරන ‘Channeler’ කෙනෙක් විසින් මේකට යක්ෂයාව ආවේශ කරලා පණ දෙනවා. අනෙක් පැත්තෙන් ජැකී (Marie DeLorenzo) කියන්නේ පාතාල ලොක්කෙක්ගෙන් සල්ලි හොරකම් කරගෙන හැංගිලා ඉන්න කෙනෙක්. ඇය පස්සෙන් එනවා පරීක්ෂක ලීඩ්ස් (Tim Hatch). මේ ඔක්කොම අය එකම ගොඩනැගිල්ලකට කොටු වෙනවා. මේ භයානක තත්ත්වයෙන් මෙයාලව බේරගන්න ඉදිරිපත් වෙන්නේ අමිතිවිල් ශාපය ගැන හොඳටම දන්න ෆාදර් බෙනා (Jeff Kirkendall). තුවක්කු වලටවත් නවත්තන්න බැරි මේ යක්ෂ ඩයිනෝසරයාගෙන් මේ අය බේරෙයිද?