XStream.lk

28 Years Later

HD 115 min 2025

28 Years Later

6.6

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. ඒ 28 Years Later (2025). හරි අපි 28 Years Later (2025) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු. 20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්. දැන් අපි 28 Years Later (2025) චිත්‍රපටය දිහාවට එමු. මේ චිත්‍රපටය නිර්.මාණයට අඩිතාලම වැටෙන්නේ 2007දී 28 Weeks Later චිත්‍රපටය නිකුත්වෙනවත් එක්කම පොඩි කාලයකින්. ඒත් විවිධ හේතු නිසා ව්‍යාපෘතිය මගනවතිනවා. ප්‍රධානම හේතුව වුණේ චිත්‍රපටයේ හිමිකම් ලබාගැනීමේ ප්‍රශ්නය. කොහොමහරි අවුරුදු ගාණක කල්යෑම් වලින් පස්සේ චිත්‍රපට මාලවේ නිෂ්පාදක Andrew Macdonald පළවෙනි චිත්‍රපටයේ අයිතිය Searchlight Pictures ආයතනයෙන් මිලදී අරගෙන ඒක ආපහු Sony Pictures ආයතනයට විකුණනවා. ඒ හරහා ලැබුණු අරමුදල් මඟින් 28 Years Later (2025) නිර්.මාණය වෙනවා. Horror/Thriller ගණයට වැටෙන චිත්‍රපටිය නිර්.මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Danny Boyleගේ අධ්‍යක්ෂණයෙන් සහ Alex Garlandගේ සුපුරුදු රචනයෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. ඩො.මි. 60ක වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 140කට අධික ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ වගේම මීට සමාන්තරව 28 Years Later: The Bone Temple කියලා දෙවනි චිත්‍රපටයකුත් මේත් එක්කම නිර්.මාණය වෙලා තියෙනවා. ඒක 2026 ජනවාරි මාසයේ සිනමාහල් වලට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Jodie Comer, Aaron Taylor-Johnson, Jack O’Connell, Alfie Williams, Ralph Fiennes ඇතුළු නළු නිලියන් පිරිසක්. හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය

Country
Released
18 Jun, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Re/Member
103 min 2022

Re/Member

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie