XStream.lk

Stranger Things: Tales from '85

HD 2026

Stranger Things: Tales from '85

7.3

Stranger Things කියන්නෙ අපේ ඇඟේ හිරිගඩු පිපෙන විදිහෙ මතක ගොඩක් දීපු ටීවී සීරීස් එකක්නෙ. අවුරුදු 10ක අති සාර්ථක ගමන්මඟක ඇවිත් පහුගිය ජනවාරි පළමුවෙනිදා Stranger Things නිල වශයෙන් අවසන් වුනා කියලා කවුරුත් දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒත් එක්කම Netflix එකෙන් නිවේදනය කළා ඉස්සරහට රිලීස් වෙන්න තියෙන ST පවුලටම අයිති තවත් නිර්මාණ කිහිපයක්. ඉතින් මේ තමයි ඒ නිර්මාණ එකතුවෙන් මුලින්ම එළියට ආපු අලුත්ම ඇනිමේටඩ් කතා මාලාව, ඒ කියන්නේ Stranger Things: Tales from ’85 අපිට අරගෙන එන්නේ ඒ පරණ සුන්දර හෝකින්ස් නගරයේ තවත් නොදුටු පැතිකඩක්. මම මේකට උපසිරැසි නිර්මාණය කරද්දී මටත් තේරුණේ මේක කොච්චර අපූරු නිර්මාණයක්ද කියන එකයි. ඇනිමේෂන් එකක් වුණත්, මේකෙ තියෙන ඒ 3D Animation සහ VFX වල ගුණාත්මකභාවය නම් උපරිමයි කියලා නොකියාම බැහැ. එහෙනම් මේ කතා මාලාව ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ප්‍රධාන Stranger Things කතා මාලාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. මේ කතාව දිවයන්නේ ප්‍රධාන කතා මාලාවේ දෙවන සහ තෙවන සීසන් අතරමැද කාලයේ, ඒ කියන්නේ 1985 අවුරුද්දේ ශීත ඍතුවේදී සිද්ධවෙන සිදුවීම් මාලාවක් වටායි. සරලවම කිව්වොත් ඉලෙවන් දෙවෙනි සීසන් එකේදි හෝකින්ස් ලැබ් එකේ තිබුණු අප්සයිඩ් ඩවුන් ගේට් එක වැහුවට පස්සෙ තුන්වෙනි සීසන් එක පටන් ගන්නකන් මේ සෙට් එකගෙ ජීවිත ගෙවුණු විදිහ කිව්වොතින් හරි. අපේ මේ පරණ යාළුවෝ සෙට් එක වෙන මයික්, ඩස්ටින්, ලූකස්, විල්, මැක්ස් සහ ඉලෙවන් මේ කතාවෙත් ඉන්නවා. හැබැයි මේ පාර එයාලට අලුත් යාළුවෙකුත් එකතු වෙනවා. ඒ තමයි රෝස පාට කොණ්ඩයක් තියෙන, පට්ට ගැම්මකට ඉන්න ‘නිකී බැක්ස්ටර්’ (Nikki Baxter). නිකීගේ අම්මා, ඒ කියන්නේ මිසිස් බැක්ස්ටර් (Mrs. Baxter) තමයි මේ කතාවේ අලුත් විද්‍යා ගුරුවරිය විදිහට එන්නේ. මේ කතාවේදී අපේ කොල්ලෝ සෙට් එක “Hawkins Investigators Club” (H.I.C.) කියලා අලුත් කණ්ඩායමක් හදාගෙන, ඩැනියෙල් කියන චරිතය අතින් අත්වැරදීමකින් නිර්මාණය වෙන, ශාක සහ වැල් වලින් හැදුණ භයානක ‘රැජිනක්’ (Plant Queen) එක්ක කරන සටන තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. මේක ප්‍රධාන කතාවේ රිද්මය කිසිම විදිහකින් අවුල් කරන්නේ නැතුව, ඒ කාල වකවානුව ඇතුළේ වෙනමම ලස්සන කතාවක් ගොඩනඟනවා. මේ කතාබහ යන අතරේ, අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා Netflix හරහා නිකුත් වුණ ප්‍රධාන Stranger Things කතා මාලාවේ අවසාන කතා සමයේ (Season 5) අවසානය ගැන ප්‍රේක්ෂකයෝ දක්වපු ප්‍රතිචාර. ඇත්තම කිව්වොත් මේ අවසානය ගැන ලොව පුරා ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. සමහර අය කිව්වා අවසාන සටන ටිකක් ඉක්මන් කළා වැඩියි, ඒ වගේම CGI සහ වෙනත් dimensions වල සිද්ධවුණ දේවල් ටිකක් පැටලිලි සහගතයි කියලා. ඒ වගේම ප්‍රධාන චරිත කිසිවක් නොමැරී වෙක්නා පමණක් මියයාම ගැනත් සමහරු විවේචනය කළා. ඇත්තටම ඉතින් ඒ සේරම අවුල් තමයි. හැබැයි ඒ මොනවා වුණත්, කතාවේ හැඟීම්බර අවසානයට නම් හැමෝම එක වගේ ආදරය කළා. විශේෂයෙන්ම එල් සහ මයික් අතර තියෙන අවසාන දර්ශනයට “Purple Rain” සින්දුව play වෙද්දී, ඒ වගේම අපේ වීරයෝ ටික එයාලගෙ ළමා කාලයෙන් සමුගන්න දර්ශන දකිද්දී ගොඩක් අයගේ ඇස් වලට කඳුළු එන්න ඇති අනිවාරෙන්. දශකයක් පුරාවට අපිත් එක්ක හිටපු ඒ චරිත වලට ලබා දීපු සමුගැනීම ගැන හැමෝම හිටියේ ගොඩක් සංවේදීවයි. ඒ හැඟීම්බර බව නිසාම ඒ අවසානය රූපවාහිනී ඉතිහාසයේ නොමැකෙන සලකුණක් වුණා. වැදගත්ම දේ මේක ඉවර වුණත් ලෝකෙ පුරාම ඉන්න බහුතරයක් ප්‍රේක්ෂකයින් මේක ඇත්තටම ඉවරයි කියලා විශ්වාස කළෙත් නෑ. ඔවුන් කිව්වෙ ඒ අවසානයේ අපිටත් පෙන්නුවේ Mind Flayer විසින් හෝකින්ස් අල්ලගත්තට පස්සෙ අපි දකින්න කැමති විදිහෙ බොරු අවසානයක් කියලා. හැබැයි අන්තිම එපිසෝඩ් එකේ ඇත්තටම එහෙම හිතන්න සලස්වන සූක්ෂම සලකුණු කිහිපයක්මත් තිබුණා. ඒත්… අනේ මන්දා! 🙂 කොහොමහරි ප්‍රධාන කතාව ඉවර වුණාට පස්සේ, ඇයි කෙනෙක් මේ “Tales from ’85” ඇනිමේටඩ් සීරීස් එක බලන්න ඕනේ? සරලවම කිව්වොත්, මේක හරියට ආයෙත් සැරයක් පරණ සුන්දර මතකයන් අතරට යනවා වගේ වැඩක්. ප්‍රධාන කතාවේ අන්තිම කාලේ දකින්න ලැබුණ ඒ අඳුරු, බියකරු බව වෙනුවට, මේකෙ තියෙන්නේ අපිට මුල් කාලේ දකින්න ලැබුණ ඒ සැහැල්ලු, විනෝදකාමී, ළමා කාලයේ වීර චාරිකා වල රිද්මය. D&D ගේම් එක පදනම් කරගෙන එයාලා රහස් හොයන විදිහ, අලුතින් එකතු වෙන නිකී වගේ ආදරණීය චරිතයක් එක්ක කතාවට එන අලුත් ජවය, ඒ වගේම කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් කුතුහලය මේ කතාවේ අඩුවක් නැතුව තියෙනවා. කතාව ස්පොයිල් කරන්නේ නැතුව කිව්වොත්, මේක Stranger Things ෆෑන් කෙනෙක්ට කිසිම විදිහකින් මඟහැරගන්න හොඳ නැති සුපිරිම අත්දැකීමක්. අවසාන වශයෙන්, Stranger Things වල අනාගතය මොන වගේ වේවිද කියලා බැලුවොත්, ප්‍රධාන කතාව නිමාවට පත් වුණත් හෝකින්ස් වල කතාන්දරය එතනින්ම ඉවර වෙන්නේ නෑ. ඩෆර් සහෝදර ඩබල දැනටමත් තවත් ස්පින්-ඔෆ් (Spin-off) කතා මාලාවන් කිහිපයක්ම සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම “The First Shadow” කියන ලන්ඩන් සහ බ්‍රෝඩ්වේ වේදිකා නාට්‍යය හරහාත් හෝකින්ස් වල අඳුරු අතීතය අපිට තවදුරටත් බලාගන්න පුළුවන්. මේ විදිහට ඇනිමේටඩ් කතා සහ වෙනත් මාධ්‍ය හරහා මේ විශ්වය තවත් පුළුල් වෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා, මේ අලුත්ම උපසිරැසිත් එක්ක Tales from ’85 රසවිඳින්න අමතක කරන්න එපා.

Country
Released
23 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Chapter One: Welcome to Hawkins, New Kid

Season 1 Episode 1

Chapter Two: Bad Harvest

Season 1 Episode 2

Chapter Three: Evolution

Season 1 Episode 3

Chapter Four: The Confession

Season 1 Episode 4

Chapter Five: The Weekly Watcher

Season 1 Episode 5

Chapter Six: A Storm Is Coming

Season 1 Episode 6

Chapter Seven: Enter the Storm

Season 1 Episode 7

Chapter Eight: The Party

Season 1 Episode 8

Chapter Nine: The Suspect

Season 1 Episode 9

Chapter Ten: Countdown

Season 1 Episode 10

Recommended For You

Phantom Lawyer
2026

Phantom Lawyer

Drama TV Show
The Scarecrow
2026

The Scarecrow

Crime TV Show
In Your Radiant Season
2026

In Your Radiant Season

Mystery TV Show
If Wishes Could Kill
2026

If Wishes Could Kill

Mystery TV Show
Gold Land
2026

Gold Land

Drama TV Show
A Good Girl's Guide to Murder
2024

A Good Girl's Guide to Murder

Crime TV Show