හොඳ සහ නරක කියන්නේ කණපිට ගහපු කාසියක දෙපැත්ත වගේ දෙයක්. අපි හිතන තරම් මේ දේවල් පැහැදිලි නැහැ නේද? Vikram Vedha (2022) කියන්නේ අන්න ඒ න්‍යාය අපේ ඔළුවට දාන සුපිරිම Action / Thriller ගණයට අයිති වෙන බොලිවුඩ් සිනමාපටයක්. 2017 දී ආව දෙමළ ෆිල්ම් එක ඔයාලට මතකයිනේ? ඒකෙම Official Remake එකක් විදිහට තමයි Pushkar සහ Gayathri කියන අධ්‍යක්ෂකවරු මේක හින්දියෙන් අරන් ආවේ. මේකෙ වේදා විදිහට Hrithik Roshan දෙන ගේම් එකයි, වික්‍රම් විදිහට Saif Ali Khan ගේ තියෙන ගැම්මයි ෆිල්ම් එක පුරාවටම උපරිමයෙන්ම තියෙනවා. නීතිය අකුරටම රකින පොලිස් නිලධාරියෙක් සහ පාතාලයේ අළුත් නීති හදන රජෙක් අතර වෙන මේ ගැටුම හරිම වෙනස් අත්දැකීමක්. IMDb දර්ශකයේ 7.1/10 ක වගේ ඉහළ අගයක් මේකට ලැබිලා තියෙනවා.වික්‍රම් කියන්නේ නීතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අවංක පොලිස් නිලධාරියෙක්. එයාගේ එකම ඉලක්කය තමයි ලක්නව් වල පාතාලයේ ඉන්න වේදාව අල්ලගන්න එක. හැබැයි දවසක් වික්‍රම්ට හොයාගන්න බැරිවෙන්න හැංගිලා හිටපු වේදා, කෙලින්ම ඇවිත් පොලිසියට භාර වෙනවා. එතනින් පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. වේදා වික්‍රම්ට ඇත්ත ජීවිතේ සිද්ධවුණු කතා තුනක් කියනවා. ඒ හැම කතාවක්ම අන්තිමට වික්‍රම්ගේ ඔළුව අවුල් කරලා දාන ප්‍රශ්නයක් ඉතුරු කරනවා. හරි දේ තෝරන්න ගියාම පේන දේට වඩා නොපෙනෙන දේවල් කොච්චර තියෙනවද කියලා මේ කතාවලින් වික්‍රම්ට තේරෙනවා.