2025 අවුරුද්දේ ආපු සුපිරි ඉන්දුනීසියානු ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි Timur කියන්නේ. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ වගේම ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් අර ‘The Raid’ ෆිල්ම් සෙට් එකේ හිටපු සුපිරි නළු Iko Uwais. 1996 අවුරුද්දේ ඇත්තටම වුණු Mapenduma ප්‍රාණ ඇපකරුවන්ගේ සිදුවීම තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ව බේරගන්න යන මෙහෙයුම අස්සේ පට්ටම ඇක්ෂන් ටිකකුයි, සහෝදරයෝ දෙන්නෙක් අතර තියෙන හැඟීම්බර කතාවකුයි මේකේ තියෙනවා. ඇක්ෂන් ෆිල්ම් පිස්සන්ට නම් මේක මිස් කරගන්නම එපා.