කතාව ආරම්භ වෙන්නේ අග්‍රා නගරයේ සිවිල් අධිකරණයෙන්. එක්තරා කණ්ඩායමක් විසින් පෙත්සමක් ගොනු කරනවා, ටාජ් මහලය කියන්නේ මුස්ලිම් සොහොන් ගැබක් පමණක් නෙවෙයි, එහි හින්දු ආගමික පසුබිමක් ද ඇති බව පවසමින්. ඔවුන් ඉල්ලා සිටින්නේ එහි හින්දු ආගමික වත්පිළිවෙත් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසයි. මෙතැන් සිට ආරම්භ වෙන අධිකරණ ක්‍රියාවලිය හරහා නීතිඥයින් දෙපාර්ශවයම තමන්ගේ මතය තහවුරු කිරීමට ඉදිරිපත් කරන ඓතිහාසික සාක්ෂි, පුරාවිද්‍යාත්මක තර්ක සහ තර්ක විතර්ක චිත්‍රපටයේ ප්‍රධානම ආකර්ෂණය බවට පත්වෙනවා. අධ්‍යක්ෂකවරයා මෙහිදී ඉතාමත් සියුම්ව ඉතිහාසය සහ වර්තමාන දේශපාලනික වාතාවරණය සමබරව පවත්වාගෙන යාමට උත්සාහ කර තිබෙනවා. ප්‍රේක්ෂකයාට තමන්ගේම නිගමනයකට පැමිණීමට ඉඩ සලසමින්, එක පැත්තකට පමණක් බර නොවී කතාව ගලාගෙන යාම මෙහි ඇති විශේෂත්වයක්.