ලෝකය පුරා පැතිර ගිය “The Rot” නම් දරුණු රෝගාබාධයක් සහ මහා නියඟයක් හේතුවෙන් පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අනාගතයක් ගැන මොහොතක් සිතන්න. ගංගා, ඇළ දොළ සිඳී ගොස් ඇත. මිනිසුන් එක ජල බිඳුවක් වෙනුවෙන් එකිනෙකා මරා ගන්නා තත්ත්වයකට පත්ව ඇත. මේ අඳුරු, පශ්චාත්-අපෝකැලිප්ටික් (Post-Apocalyptic) ලෝකය තමයි Raul Gasteazoro ගේ අධ්‍යක්ෂණයෙන් 2025 වසරේ නිකුත් වූ The Protector චිත්‍රපටයෙන් අපිට දැකගන්න ලැබෙන්නේ. කතාව ගෙතෙන්නේ මුළු කලාපයටම ඉතිරිව ඇති එකම පිරිසිදු ජල මූලාශ්‍රය වටායි. මෙය පිහිටා ඇත්තේ පැරණි ස්වදේශික ඇමරිකානුවන්ගේ (Native American) රක්ෂිතයක් යටයි. මෙහි ආරක්ෂකයා ලෙස කටයුතු කරන්නේ Brand (Graham Greene) නම් වයෝවෘද්ධ ගෝත්‍රික නායකයායි. මේ අතර, Gael නම් අනුකම්පා විරහිත නායකයෙක් මේ ජල මූලාශ්‍රය තමන්ගේ යටතට ගැනීමට සැලසුම් කරනවා. ඔහු ඒ සඳහා Key (Marguerite Moreau) නම් හිටපු “Dirt Jouster” ක්‍රීඩිකාවක මෙන්ම සිරකාරියකද වන කාන්තාවකට බල කරනවා. නමුත් කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඇයට අහම්බෙන් Kellan නම් කුඩා දරුවාව මුණගැසීමත් සමඟයි. මේ දරුවා කවුද? ඇය ඔහුව ආරක්ෂා කරන්නේ ඇයි?