අද අරන් ආවේ රුසියන් ෆිල්ම් එකක්. මේක හොද ඇක්ෂන් ෆිල්ම් එකක් වගේම පවුලේ සැමටම කම්මැලි නැතුව බලන්න පුලුවන් එකක්. කෙලින්ම කතාව පැත්තට යන්නම්කෝ.. ගේබ්‍රියෙල් වගේම ඩ්‍රිස් කියන්නේ අනාථ නිවාසයක හැදුන දෙන්නෙක්. මේ දෙන්නා එක පාරටම ආපහු මේ හැදුන අනාථ නිවාසයට එනවා. ඒ අවුරුදු 15කට විතර පස්සේ… ඒ මේ නිවාසේ ඉන්න සෝනියා කියන ගැණු කෙනාගේ හදිසි මරණයත් එක්ක. සෝනියාගේ දුව තමයි ලයිලා කියන්නේ. සෝනියා මිය යන්නේ වාහන අනතුරකින්.. මේ අනතුරට වග කියන්න ඕනි පලාතේ ඉන්න සල්ලිකාරිනියක්ගේ පුතෙක්. පොලිසියෙන් මේ අනතුරට සාධාරණයක් වෙන්නේ නැති නිසා සෝනියාගේ දුව ලයිලා කෙන්තියට කරන යම් දෙයක් නිසා අර මැර කණ්ඩායමක් එක්ක පැටලෙනවා. මේ පටලැවිල්ල ලිහලා දෙන්න ගේබියල්ටයි ඩ්‍රිස් ටයි පුලුවන් වේවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා මේ චිත්‍රපටිය.