XStream.lk

The Forbidden City

HD 138 min 2025

The Forbidden City

7.0

The Forbidden City (2025) කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුණු ගොඩක් වෙනස් විදිහේ ලස්සන චිත්‍රපටයක්.. මේක ඉතාලි චිත්‍රපටයක් වුණාට.. මේකෙ තියෙන්නෙ හොංකොං චිත්‍රපට වල වගේ නියම මාර්ෂල් ආර්ට්ස් (Kung Fu) සටන් ජවනිකා.. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gabriele Mainetti කියන ඉතාලි ජාතික අධ්‍යක්ෂකවරයා.. ප්‍රධාන චරිතය වෙන ‘මී’ ගෙ චරිතය කරන්නෙ චීන ජාතික දක්ෂ සටන්කාරියක් වෙන Yaxi Liu.. මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන ‘මී’ ඉපදෙන්නෙ චීනයේ එක පවුලකට එක ළමයෙක් විතරක් හදන්න පුළුවන් නීතිය තිබුණු කාලෙක.. ඉතින් ඇයගෙ දෙමව්පියෝ ඇයව සමාජයෙන් හංගගෙන රහසින් තමයි හදාගන්නෙ.. ඒ වගේම ඇයට පොඩි කාලෙ ඉඳන්ම මාර්ෂල් ආර්ට්ස් (සටන් කලාව) උගන්වනවා.. ‘මී’ ට ඉන්නවා ‘යුන්’ කියලා වැඩිමල් අක්කා කෙනෙක්.. මේ අක්කා සල්ලි හොයන්න කියලා ඉතාලියෙ රෝමයට යනවා.. ඒත් එකපාරටම අක්කා අතුරුදන් වෙනවා.. තමන්ගෙ අක්කව හොයාගන්න ඕනෙ නිසා ‘මී’ ත් නීතිවිරෝධී විදිහට ඉතාලියෙ රෝම නගරයට එනවා.. එහෙදි ඇය හොයාගන්නවා රෝමයේ තියෙන ‘The Forbidden City’ (තහනම් නගරය) කියලා හඳුන්වන චීන පාතාලය පාලනය කරන ප්‍රදේශයක් ගැන.. මෙහෙදි ඇයට ‘මාසෙලෝ’ කියලා ඉතාලි ජාතික කෝකියෙක්ව මුණගැහෙනවා.. මාසෙලෝගෙ තාත්තත් එකපාරටම අතුරුදන් වෙලා ඉන්නෙ.. පස්සෙ මේ දෙන්නටම තේරෙනවා මීගෙ අක්කාගෙ අතුරුදන් වීමයි මාසෙලෝගෙ තාත්තාගෙ අතුරුදන් වීමයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා.. ඉතින් තමන්ගෙ ආදරණීයයන්ව හොයාගන්න මේ දෙන්නා එකතු වෙලා චීන පාතාලයටයි ඉතාලි පාතාලයටයි විරුද්ධව කරන ලොකු සටනක් තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ.. මේ සටන් අතරෙ මේ දෙන්නා අතරෙ ලස්සන ආදර කතාවකුත් පටන් ගන්නවා.. නළු නිළියන් Yaxi Liu – මී (Mei) විදිහට Enrico Borello – මාසෙලෝ (Marcello) විදිහට Marco Giallini – ඇනිබල් (Annibale) විදිහට Sabrina Ferilli – ලොරේනා (Lorena) විදිහට මේක නියම සටන් ජවනිකා.. ආදරය.. සහ කුතුහලය පිරුණු වෙනස්ම විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්..

Country
Released
08 Mar, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie