1920 දශකයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතින ඉන්දියාවේ පසුබිමක දිගහැරෙන මෙම කතාව, එකිනෙකාට හාත්පසින්ම වෙනස් අරමුණු දෙකක් වෙනුවෙන් සටන් වදින පුද්ගලයන් දෙදෙනෙකු වටා ගෙතී ඇත. එක් අයෙක් බ්‍රිතාන්‍යයන් විසින් පැහැරගෙන ගිය තමන්ගේ ගෝත්‍රයේ කුඩා දැරියක් බේරාගැනීමට දිවි හිමියෙන් සටන් වදින ‘බීම්’ ය. අනෙකා තම ගම්මානයට ආයුධ ලබාගැනීමේ රහසිගත අරමුණක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පොලිසියේ ඉහළ නිලයක් අපේක්ෂාවෙන් සිටින රුදුරු පොලිස් නිලධාරියෙකු වන ‘රාම්’ ය. නොහිතන මොහොතක මුණගැසෙන මොවුන් දෙදෙනා අතර ඇතිවන්නේ කිසිවෙකුට බිඳිය නොහැකි සහෝදරත්වයක් වුවත්, තමන්ගේ සැබෑ අනන්‍යතාවයන් ඔවුන්ගෙන් සැඟවී පවතී. ගින්නක් සහ කුණාටුවක් බඳු වූ මෙම මිතුරන් දෙදෙනාගේ සැබෑ අරමුණු එළිවන දා, එය මුළු මහත් ඉන්දියාවම කම්පා කරන සංග්‍රාමයක් බවට පත්වෙයි.