ජීවිතයේ අපිට සිදුවන සමහර අහිමිවීම් කවදාවත් පුරවන්න බැරි වුණත්, නොහිතන වෙලාවක අපිට මුණගැහෙන අපූරු බැඳීම් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. Netflix හරහා මේ 2026 මැයි 8 වෙනිදා නිකුත් වුණ Remarkably Bright Creatures කියන්නෙත් අන්න ඒ වගේ ආදරය, දුක සහ ජීවිතයේ බලාපොරොත්තු ගැන කතා කරන හරිම සංවේදී සලරුවක්. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Shelby Van Pelt විසින් 2022 දි රචනා කරපු අතිශය ජනප්‍රිය නවකතාවක්. මේ අපූරු සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර Where the Crawdads Sing වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Olivia Newman විසිනුයි.කතාවේ ප්‍රධාන චරිතය තමයි Tova Sullivan (Sally Field). ඇය තමන්ගේ සැමියා මියගියාට පස්සේ, රාත්‍රී කාලයේ දේශීය මාළු ටැංකියක් (Aquarium) පිරිසිදු කරන රැකියාවක් කරමින් නිස්කලංකව ජීවත් වෙනවා. ඔය අතරේ තමයි ඇයට මේ Aquarium එකේ ඉන්න ‘Marcellus’ කියන යෝධ පැසිෆික් බූවල්ලාව මුණගැහෙන්නේ. මේ බූවල්ලා හරිම බුද්ධිමත්, ඒ වගේම මිනිස්සුන්ගේ හැසිරීම් ගැන වෙනස්ම කෝණයකින් බලන කෙනෙක්. අනිත් පැත්තෙන් කතාවට සම්බන්ධ වෙනවා තමන්ගේ තාත්තාව හොයාගෙන මේ නගරයට එන තරුණයෙක් වෙන Cameron (Lewis Pullman). මේ තුන්දෙනාගේ ජීවිත එකට ගැටෙන විදිය සහ Marcellus විසින් මේ දෙන්නගේ අතීතයේ තියෙන රහසක් එළිදරව් කරන්න උදව් කරන විදිය තමයි චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ