XStream.lk

Raya and the Last Dragon

HD 107 min 2021

Raya and the Last Dragon

7.8

ගොඩක් අය එනකං බලන් හිටිය මාර්තු 5 Disney+ හරහා නිකුත් වුන අලුත්ම ඇනිමේෂන් චිත්‍රපටය වන Raya And The Last Dragon (2021) අරගෙන තමා අද අපි ආවෙ. Carlos López Estrada, Don Hall විසින් අධ්‍යක්ෂනය කල මෙහි තිර රචනය Adele Lim, Qui Nguyen අනිතුයි සිද්ධ වෙන්නෙ. IMDb හි 7.9ක අගයක් සහ ගූගල් මනාප 73% ක් ලබාගන්න සමත් වෙන මෙහි හඬ දායකත්වයෙන් සහභාගි වන්නේ Kelly Marie Tran, Awkwafina, Gema Chan යන අය ඇතුළු පිරිසයි. කතාව ගැන කියනව නම් කුමාන්ද්‍රා කියලා දේශයක් තියනවා. වසර 500කට කලින් වන සිද්ධියක් නිසා මේක කොටස් 5කට බෙදෙනවා. ඒවට ආවේනික ගෝත්‍ර පහකුත් වෙනවා. වසර 500ට කලින් මේ මුළු දේශයම ආරක්ෂා කරන්න මකරු ඉන්නවා. ඒත් අර සිද්ධිය නිසා මකරු සහ බොහෝ මිනිස්සු ගල් වෙනවා. ඉතිං එක ගෝත්‍රයක්වන හාට් අයගෙ ප්‍රධානියගෙ දුව තමයි රායා කියන්නෙ. හාට් අය ගාව තියනවා මකර මාණික්‍ය කියලා එකක්. ඒකෙන් වාසනාව ගේනවා කියලයි අනිත් ගෝත්‍ර හිතන් ඉන්නෙ. රායාගෙ තාත්තා කියන්නෙ මකරු නැතත් මිනිස්සුන්ට ආයෙ සමඟිවෙන්න පුළුවන් කියලා. ඉතිං මෙයාලා හැම ගෝත්‍රයකින්ම කට්ටිය ගෙන්නලා උත්සවයක් තියනවා. ඒකෙදි කවුරුත් නොහිතන දෙයක් වෙනවා. ඒ මකර මැනික කැබලි 5කට කැඩෙනවා. හැම ගෝත්‍රයකින්ම කෑල්ල ගානෙ අරන් පැනලා යනවා. මේකෙදි ඩෲන් කියන මිනිස්සු ගල් කරන දේ ආයෙ අවදි වෙනවා. ඉතින් රායාගෙ තාත්තත් මෙතනදි ගල් වෙනවා. මේකෙන් තමා කතාව පටන් ගන්නෙ. රායා අවසන් මකරාව හොයාගෙන ලෝකෙ බේරගන්න හැටි දැනගන්න ඔයාලටම බාරයි. මේ ගමනෙදි මෙයාලට කාව හම්බෙයිද? මොන වගේ සිදුවීම්වලට මුහුණ දෙබ්න්න වෙයිද කියලා දැනගන්න අරගෙන බලන්න එහෙනම්. විශ්වාසයට ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් : ) මේකෙදි ලහිරු අයියට ලොකු ස්තූතියක් හිමි වෙන්න ඕන. කරමුද අහපු ගමන් හා කියලා. අදම මේක ඉවර කරලා දාගන්න පුලුවන් වුන එකට. එහෙනම් මේක බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නම්.. ඔබ සැමට සුභ දවසක්!!

Country
Released
03 Mar, 2021
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie