XStream.lk

Protector

HD 90 min 2026

Protector

6.4

ඔන්න Action සහ Thriller ෆිල්ම් බලන්න ආස අයට 2025/2026 කාලයේ ආපු තවත් සුපිරි ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒක තමයි “Protector”. අපි කවුරුත් Resident Evil ෆිල්ම් සීරීස් එකෙන් දන්න, ජනප්‍රිය නිළි Milla Jovovich තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මේක හරියටම අර අපි බලපු “Taken” ෆිල්ම් එක වගේම, තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්න අම්මා කෙනෙක්ගේ කතාවක්. කතාව යන්නේ මෙහෙමයි… කතාවේ ප්‍රධාන චරිතය තමයි Nikki Halsted (Milla Jovovich). ඇය කලින් හමුදාවේ වැඩ කරපු දක්ෂ, ඒ වගේම භයානක අතීතයක් තිබුණු කෙනෙක්. හැබැයි දැන් ඇය ඒ ඔක්කොම අතහැරලා තමන්ගේ දුව Chloe (Isabel Myers) එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හැබැයි මේ සාමකාමී ජීවිතය එකපාරටම කණපිට පෙරළෙනවා. දවසක් Nikki ට පියවි සිහිය එද්දී ඇය ඉන්නේ පාළු කර්මාන්තශාලාවක. ඒ වගේම එයාට තේරෙනවා තමන්ගේ ආදරණීය දුවව කවුරුහරි අභිරහස් කල්ලියක් පැහැරගෙන ගිහින් කියලා. මෙතැනින් පස්සේ කතාවේ වේගය සම්පූර්ණයෙන්ම වැඩි වෙනවා. තමන්ගේ පරණ හමුදා පුහුණුව පාවිච්චි කරලා, දුවව හොයාගෙන පාතාල ලෝකය පෙරළගෙන යන ගමනක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ. හැබැයි මේ ගමනේදී පාතාල කල්ලියට විතරක් නෙමෙයි, ඇයට පොලිසියෙන් සහ හමුදාවෙන් එල්ල වෙන බාධාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

Country
Released
20 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie