XStream.lk

Project Y

HD 109 min 2026

Project Y

6.1

දරුණු පාතාල ලෝකයක හිරවුණු සමාන වයසේ පසුවන මිතුරියන් දෙදෙනෙක්, තමන්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් තීරණයක් ගන්නවා. ඒ තමයි ඇමරිකානු ඩොලර් මිලියන 6ක් වටිනා රන් කුට්ටි තොගයක් මංකොල්ල කාලා පලා යන එක. Project Y (2025) කියන්නේ මෑතකදී නිකුත් වුණු Korean Action, Adventure, Crime, Thriller ගණයට අයත් වෙන සුපිරි සලරුවක්. මෙහි ප්‍රධාන චරිත සඳහා කොරියානු සිනමාවේ අතිශය ජනප්‍රිය වගේම දක්ෂ තරු දෙකක් වන Han So-hee සහ Jeon Jong-seo රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Kim Shin-rock ද මෙහි රංගනයේ යෙදෙනවා.මේකේ කතාව යන්නේ අඳුරු සමාජයක ජීවත් වෙන, ණය බරින් සහ විවිධ අපරාධ ජාලයන්ට කොටුවුණු තරුණියන් දෙදෙනෙක් වටා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මේ ජීවිතයෙන් මිදිලා නිදහසේ ජීවත් වෙන්න. විශේෂයෙන්ම යුරෝපයේ Backpacking යන්න ඔවුන්ට ලොකු හීනයක් තියෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔවුන් මේ දැවැන්ත රන් මංකොල්ලය සැලසුම් කරන්නේ. නමුත් පාතාල ලොක්කන්ගෙන් මේ රත්තරන් ටික අරගෙන පැනලා යන එක ලේසි වෙන්නේ නැහැ. අපි කතා කරමු චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන. IMDb දර්ශකයේ මේ වන විට 5.9/10 ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක බිහිසුණු Masterpiece එකක් නෙවෙයි. හැබැයි Han So-hee සහ Jeon Jong-seo ගේ විශිෂ්ට රංගනයත්, වෙහෙසක් නොදැනෙන Action scenes ටිකත් නිසා කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් Fast-paced Thriller එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. පැය 1යි විනාඩි 50ක ධාවන කාලයක් පුරාවටම කුතුහලය රඳවාගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.

Country
Genre
Released
21 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie
Mike & Nick & Nick & Alice
107 min 2026

Mike & Nick & Nick & Alice

Comedy Movie
Vadh 2
131 min 2026

Vadh 2

Crime Movie