XStream.lk

Pretty Lethal

HD 89 min 2026

Pretty Lethal

6.8

ඇමරිකාවේ ඉඳන් හංගේරියාවේ තියෙන ලොකු බැලේ තරඟයකට යන තරුණ නර්තන කණ්ඩායමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ කණ්ඩායමේ ඉන්න කෙල්ලෝ පස්දෙනා එකිනෙකාට වැඩිය කැමති නැහැ, නිතරම රණ්ඩු. කොහොමහරි මෙයාලා යන බස් එක කැලයක් මැදදී කැඩෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා කැලේ මැද තියෙන පරණ තැබෑරුමකට (Inn) යනවා රෑ ගතකරන්න. මේ තැන අයිති Devora කියන කාන්තාවට. ඇයත් ඉස්සර දක්ෂ බැලේ නර්තන ශිල්පිණියක්. හැබැයි මේ තැන සාමාන්‍ය හෝටලයක් නෙවෙයි, පාතාල අපරාධකාරයන්ගේ සහ මිනීමරුවන්ගේ රහස් තිප්පොළක්. මේ කෙල්ලෝ පස්දෙනාට මේ රහස අහම්බෙන් දැනගන්න ලැබෙනවා. ඊටපස්සේ එතන ඉන්න මිනීමරුවෝ ටික මේ කෙල්ලන්ව මරන්න පන්නනවා. හැබැයි ඒ අපරාධකාරයෝ හීනෙකින්වත් හිතපු නැති විදිහට, මේ කෙල්ලෝ පස්දෙනා තමන්ගේ බැලේ පුහුණුව පාවිච්චි කරලා අර යෝධයන්ට ගහන්න ගන්නවා. අධ්‍යක්ෂණය: Vicky Jewson ප්‍රධාන රංගනය: Lana Condor, Iris Apatow, Millicent Simmonds, Avantika, Maddie Ziegler සහ ජනප්‍රිය නිළි Uma Thurman. කාණ්ඩය: Action, Thriller, Suspense ධාවන කාලය: පැය 1යි විනාඩි 31යි මේකේ Action ටික නම් සුපිරියටම තියෙනවා. බැලේ ඩාන්ස් කරන ගමන් කරන සටන් ජවනිකා හරිම අමුතුයි වගේම ගොඩක් නිර්මාණශීලීයි. ඒ වගේම ‘Kill Bill’ ෆිල්ම් හරහා ලෝකේම හොල්ලපු Uma Thurman ගේ villain චරිතයත් ෆිල්ම් එකට ලොකු ගැම්මක් දෙනවා. John Wick වගේ ෆිල්ම් හදපු 87North Productions ලා තමයි මේකටත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා කම්මැලි නැතුව එක දිගටම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

Country
Released
13 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie