කතාව ගෙතෙන්නේ කේරළයේ ප්‍රබල මහඇමතිවරයෙකු වන K N Varghese (Balachandra Menon විසින් රඟපාන) වටායි. ඔහු බලවත්, ඒ වගේම විවිධ දූෂණ චෝදනා මැද පවා තමන්ගේ ස්ථාවරය රඳවාගෙන සිටින දැවැන්ත චරිතයක්. නමුත් හදිසියේම ක්‍රියාත්මක වන දැවැන්ත කෝපරේට් කුමන්ත්‍රණයක් සහ මාධ්‍ය ජාලයක මෙහෙයුමක් නිසා ඔහුගේ දේශපාලන ජීවිතය දැඩි අර්බුදයකට ලක් වෙනවා. මෙහි ප්‍රධානියා වන්නේ කපටි මාධ්‍ය ව්‍යාපාරිකයෙකු වන Ravi Madhavan (Sharafudheen). මෙම අර්බුදය හමුවේ තම පියාගේ ගෞරවය රැකගැනීමට ඉදිරිපත් වෙන්නේ ඔහුගේ බාල පුතා වන John Varghese. දේශපාලනයට කිසිදු කැමැත්තක් නොදැක්වූ, තමන්ගේම Tech Startup එකක් කරගෙන විදේශගත වීමට සිහින මැවූ ජෝන්ගේ චරිතයට පණ පොවන්නේ මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරුව Nivin Pauly විසිනි. තමන් අකමැතිම දේශපාලන මඩ ගොහොරුවට බසින ජෝන්ට තම පියාගේ ප්‍රතිරූපය නැවත ගොඩනැගිය හැකි වෙයිද?