මේ ෆිල්ම් එකේ කතාව යන්නේ 1940 ගණන්වල, ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය (WWII) දරුණුවටම යන කාලේ. සීරීස් එක අන්තිමේදී තමන්ගේ මරණය බොරුවට මවලා හැංගිලා ගියපු ටොමී ෂෙල්බි, මේ වෙනකොට ඉන්නේ සමාජයෙන් ගොඩක් ඈත් වෙලා හුදෙකලාව. තමන්ගේ අතීතය, යුද්ධයෙන් වුණු බලපෑම්, සහ තමන්ගේ දුවගේ මරණය වගේ දේවල් නිසා එයා තමන්ගේ අතීත කතාව පොතකට ලිය ලිය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. හැබැයි, ෂෙල්බි පවුලේ අතීතය එයාට ලේසියෙන් අතාරින්න දෙන්නේ නැහැ. ටොමීගේ පුතා වෙන ඩියුක් දැන් Peaky Blinders කල්ලියේ පාලනය අරගෙන, ඒක වෙනමම විනාශකාරී පැත්තකට අරන් යනවා. ඒ අස්සේ නාසි බලපෑම් සහ බ්‍රිතාන්‍ය ආර්ථිකය වට්ටන්න හදන මහා පරිමාණ හොර සල්ලි ජාවාරමක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දේවල් නිසා ටොමීට ආයෙමත් තමන්ගේ පරණ ලෝකෙටම බහින්න සිද්ධ වෙනවා. මේ පාර සටන තියෙන්නේ පාරේ මැරයෝ එක්ක නෙවෙයි, ඊට වඩා ගොඩක් භයානක දේශපාලනික සහ යුධමය බලවේග එක්කයි. Barry Keoghan, Rebecca Ferguson සහ Tim Roth වගේ හොලිවුඩයේ ජනප්‍රියම නළු නිළියන් සෙට් එකක් මේ ෆිල්ම් එකට අලුතින් එකතු වෙලා තියෙනවා. Tim Roth මේකේ ප්‍රධාන දුෂ්ටයා විදියට රඟපානවා මේක Peaky Blinders කතාවේ අවසානය, එහෙමත් නැත්නම් ටොමී ෂෙල්බිගේ කතාවේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා. කතාවේ තියෙන ඒ ඩාර්ක්, ගැන්ස්ටර් ගතිය මේ ෆිල්ම් එකෙත් උපරිමයටම තියෙනවා.