අන්ත අසරණ වන සර්ටිකාට අවසානයේ කුඩා කෝපි කඩයක රැකියාවක් හිමිවෙනවා. නමුත් එය සාමාන්‍ය රැකියාවක් නොවෙයි. ඇයට සිදුවන්නේ එහි එන තැනැත්තන්ගේ උකුල මත හිඳිමින් (Lap girl) ඔවුන්ව පිනවීමටයි. තමන්ගේ ආත්ම ගරුත්වය පසෙකලා, සමාජයේ ගැරහුම් මැද වුවත් ඇය ඒ දේ කරන්නේ තම පුතු බායු වෙනුවෙනි. Indonesian Drama ශානරයට අයත් වන මෙම සිනමාපටය, ආර්ථික අර්බුදයකදී සමාජයේ පහළම ස්තරයේ ජනතාව, විශේෂයෙන්ම කාන්තාවන් මුහුණ දෙන ඛේදවාචකය ඉතා තාත්විකව නිරූපණය කරනවා.