අතීතයේ කරපු එක පොඩි වැරැද්දක් නිසා ඔයාගේ මුළු අනාගතයම කණපිට පෙරළෙන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? ගෞරි (Gowri) තමන්ගේ අලුත් සැමියාව හුදකලා කඳුකර බංගලාවකට අරගෙන යන්නේ එයාගේ ජීවිතේ ලොකුම රහසක් එළි කරන්න හිතාගෙනයි. හැබැයි එතැනට එයාගේ පරණ පෙම්වතා කඩාපාත් වෙයි කියලා එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ හිතාගන්න බැරි කුතුහලයක් පිරුණු Oh Butterfly (2026) කියන දමිළ සිනමාපටය ගැනයි.Vijay Ranganathan ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය අයත් වෙන්නේ Mystery සහ Thriller කියන ඝණයන්ටයි. විශේෂයෙන්ම මේ සිනමාපටයට IMDb දර්ශකයේ 8.9/10 ක අතිවිශාල මනාප ප්‍රමාණයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Nivedhithaa Sathish, Cibi Bhuvana Chandran සහ Attul මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.