මව් සෙනෙහස කියන්නේ ලෝකයේ තියෙන ප්‍රබලතම ආයුධයක්. හැබැයි තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව, ණයකාරයන්ගෙන් බේරෙන්න පාරට වැටුණු අම්මා කෙනෙකුට සමාජය කොහොම සලකාවිද? Night Flower (2025) චිත්‍රපටය දිගහරින්නේ අන්න ඒ කටුක යථාර්ථයයි. ටෝකියෝවේ අඳුරු පාතාලයට මැදිවන ඇය, දරුවන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිසෙන්නේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැනයි. කතාවේ පසුබිම (The Plot) නාට්සුකි (Keiko Kitagawa) කියන්නේ ණයකාරයින්ගෙන් බේරෙන්න තමන්ගේ දරුවන් දෙදෙනාත් එක්ක ටෝකියෝවට පලා ආව අසරණ මවක්. කන්න බොන්නවත් විදියක් නැතිව අමාරුවෙන් ජීවත් වෙන ඇයට, දිනක් අහම්බෙන් මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් දැකගන්න ලැබෙනවා. එතැනින් පස්සේ ඇය තීරණය කරනවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ භයානක මාවතට අවතීර්ණ වෙන්න. මේ අතරතුර ඇයට මුණගැහෙනවා ටමායි (Misato Morita) නැමති හුදකලා ආධුනික කික්බොක්සිං ක්‍රීඩිකාව. නාට්සුකිගේ ආරක්ෂිකාව විදියට එකතු වෙන ටමායි සහ නාට්සුකි එකතු වෙලා මේ අඳුරු ලෝකයේ ඉහළටම යනවා. නමුත් එක්තරා විශ්වවිද්‍යාල සිසුවෙකුගේ මරණයත් සමඟ ඔවුන්ගේ ජීවිතය නොසිතූ අගාධයකට ඇද වැටෙනවා.