XStream.lk

Neelira

HD 92 min 2026

Neelira

8.7

යුද්ධයක් කියන්නේ කවදාවත් ජයග්‍රාහකයෙක් නැති, සාමාන්‍ය මිනිස්සුන්ගේ හීන අමු අමුවේම විනාශ කරලා දාන ශාපයක්. ශ්‍රී ලාංකිකයින් විදිහට අපිට මේ කටුක යථාර්ථය අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ. දශක තුනකට ආසන්න කාලයක් අපේ රට වෙළාගෙන තිබුණු කුරිරු සිවිල් යුද්ධය නිසා උතුරු නැගෙනහිර පමණක් නොව මුළු රටම අත්විඳි භීතිය සුළුපටු නෑ. 1987 වසරේදී ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර ගැටුම් නිමා කර සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ලංකාවට පැමිණෙනවා. සුදු කොඩි වනමින් ඔවුන් පැමිණියත් , අවසානයේදී ඔවුන්ටත් සිදුවන්නේ දෙමළ සටන්කාමීන් සමග දරුණු යුද්ධයකට මැදි වීමටයි. අද අපි කතා කරන්න යන A Long Night (Neelira) චිත්‍රපටය දිගහැරෙන්නේ අන්න ඒ බිහිසුණු අතීතය පසුබිම් කරගෙනයි.කතාව දිවයන්නේ 1988 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ගම්මානයකයි. වසූකි නමැති තරුණියගේ විවාහය වෙනුවෙන් පවුලේ අය සූදානම් වෙමින් ඉන්නවා. යුද බිය නිසාම, කෙසේ හෝ තම දරුවන් විදේශගත කර ආරක්ෂා කිරීම දෙමාපියන්ගේ එකම අරමුණ වෙලා. මේ අතරතුර, ඉන්දීය හමුදාවේ එක් භට කණ්ඩායමක්, සිතියමක් වැරදීමකින් මඟහැරී ගොස් මේ මංගල නිවසට කඩා වදිනවා. ඔවුන්ගේ අරමුණ එළිවෙනතුරු එහි සැඟවී සිටීමයි. නමුත් අවාසනාවකට, කැස්ත්‍රෝ (Castro) ඇතුළු එල්.ටී.ටී.ඊ සටන්කාමීන් කණ්ඩායමකට මේ බව සැලවීමත් සමග, මුළු නිවසම සටන්කාමීන්ගෙන් වටවෙනවා. නිවැසියන් මේ සන්නද්ධ කණ්ඩායම් දෙකේම ප්‍රාණ ඇපකරුවන් බවට පත්වෙනවා. එක පැත්තකින් ආයුධ සන්නද්ධ ඉන්දීය හමුදාව, අනෙක් පැත්තෙන් නිවස වටකරගත් කැරලිකරුවන්. මේ අහිංසක පවුලට මේ බිහිසුණු රාත්‍රියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?

Country
Genre
Released
03 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Killing Faith
108 min 2025

Killing Faith

Thriller Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie