මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු යාවත්කාලින කරනු ලැබේ.
හෙලෝ guys, කොහොමද කට්ටියට දන්නේමත් නැතිවම මගේ උපසිරසි වල 50 වෙනි නිර්මාණයට ඇවිල්ලා.බයිස්කෝප් ෆැමිලි එකත් එක්ක එකතු වෙලා තාම මාස යන්තමි මාස 2 ක්වත් නෑ. මුලින්ම සබ්රිනා එකේ(the chilling adventure of sabrina) 4වෙනි සීසන් එක නිකන් ආතල් එකට වගේ සබ් කරන්න පටන් ගත්තේ එතනින් පටන් ගත්ත ගමන දන්නෙමත් නැතුවම 50 වෙනි උපසිරසි නිර්මාණය දක්වා ඇවිල්ලා. මේ වෙනකන් මගේ උපසිරසි රසවිදපු හැමෝටම කියන්න තියෙන්නේ ඉදිරියටත් තවත් අලුත්ම විදියේ උපසිරසි නිර්මාණ ඔයාලට මම දිගටම අරන් එනවා.හරි දැන් කතාව පැත්තට යමු…..කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු, ඒ වගේම මුළු ලෝකයේම අවධානය දිනාගත්ත 2026 වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් තමයි Michael. මේ චිත්‍රපටය හුදෙක් ගායකයෙකුගේ ජීවිත කතාවකට වඩා එහා ගිය, මනුෂ්‍යයෙකුගේ ජයග්‍රහණ, පරාජයන් සහ වේදනාකාරී අත්දැකීම් සමුදායක් කිව්වොත් නිවැරදියි මයිකල් ජැක්සන් කියන්නේ නමක් විතරක් නෙවෙයි, ඒක යුගයක්. අන්න ඒ යුගයේ ආරම්භයේ ඉඳන් ඔහුගේ ස්වර්ණමය කාලය දක්වා දිවෙන අපූරු සිනමා අත්දැකීමක් තමයි ‘Michael (2026)’ කියන්නේ. ලෝක ප්‍රකට අධ්‍යක්ෂ ඇන්ටොයින් ෆුකුවා (Antoine Fuqua) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ නිර්මාණය, මයිකල්ගේ ජීවිතයේ අප දැකපු දීප්තිමත් පැත්ත වගේම ඒ පිටුපස සැඟවුණු අඳුරු කතාවත් බොහොම සංවේදීව අපිට පෙන්නනවා. චිත්‍රපටය පටන් ගන්නේ ගැරී ඉන්දියානා (Gary, Indiana) වල තියෙන පුංචි ගෙදරකින්. මයිකල්ගේ ළමා කාලය, ඒ කියන්නේ Jackson 5 කණ්ඩායමේ මුල්ම කාලය ගැන අපිට මුලින්ම දැකගන්න ලැබෙනවා. හැබැයි අපි හිතන තරම් ඒ ළමා කාලය සුන්දර නැහැ. ඔහුගේ පියා වන ජෝසප් ජැක්සන්ගේ දැඩි පාලනය සහ දඬුවම් මැද මයිකල් කොහොමද තමන්ගේ දක්ෂතාවය ඔපමට්ටම් කරගත්තේ කියන එක චිත්‍රපටය පුරාවටම අපිට දැනෙන්න ලියවිලා තියෙනවා. ඉන්පසු අපිට දැකගන්න ලැබෙන්නේ මයිකල්ගේ තනි ගමන. ‘Off the Wall’, ‘Thriller’ සහ ‘Bad’ වැනි ලෝකයක් උඩුයටිකුරු කරපු ඇල්බම් බිහිවුණු හැටි, ‘Moonwalk’ එකෙන් මුළු ලෝකයම පිස්සු වට්ටපු හැටි සහ ඔහුගේ සංගීත වීඩියෝ කලාවේ විප්ලවය චිත්‍රපටය තුළ අතිශය තාත්විකව ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම 1984 පෙප්සි වෙළඳ දැන්වීම අතරතුර ඔහුගේ හිසට ඇතිවුණු බරපතල පිළිස්සුම් තුවාලය සහ ඒ නිසා ඔහු විඳපු වේදනාව මේ කතාවේ හැරවුම් ලක්ෂයක් විදිහට පෙන්නනවා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි මයිකල් ජැක්සන්ගේ චරිතයට පණ පොවන්නේ ඔහුගේම සහෝදරයෙකුගේ පුතෙක් වන ජාෆර් ජැක්සන් (Jaafar Jackson) වීම. මේ චිත්‍රපටය තුල ජාෆර් ඉතාම විශිෂ්ට ලෙස මයිකල්ගේ චරිතයට පනපොවනවා. ඔහුගේ නර්තනය, හඬ සහ හැඟීම් ප්‍රකාශ කරන විදිහ මයිකල්ට කොච්චර සමානද කියන එක ඔයාලම මේ චිත්‍රපටය නරඹලා තීරණය කරන්න. ඒ වගේම මයිකල්ගේ පියා ලෙස රංගනයෙන් දායක වන කොල්මන් ඩොමින්ගෝ (Colman Domingo) ගේ රංගනයත් අතිවිශිෂ්ටයි. මේක කැම් කොපියට හදපු උපසිරසියක් ඔරිජිනල් පිටපත් නිකුත් වුණ සැනින් ඔයාලට අදාල ගුණාත්මක භාවයෙන් යුතු උපසිරසිය ඔයාලට ලබා දෙනවා.මේක තියන්නේ හදිසි කට්ටියට විතරයි, තවත් වැඩි කතා නැතුව පොප් ලොව රජුගේ සිනමාත්මක ආගමනය සිංහල උපසිරසි සමඟින් ඔයාලට රසවිඳින්න ආරාධනා කරනවා!