මේ කතාව ගෙතෙන්නේ Raghavan කියන සාමාන්‍ය මනුස්සයා වටායි. එයා තමන්ගේ ගමේ ඉන්න අයත් එක්ක, තමන්ගේ බිරිඳ Selvi එක්ක බොහොම ආදරයෙන්, සතුටින් ජීවත් වෙන කෙනෙක්. හැබැයි මේ ගමට මූලික පහසුකම් කිසිවක් නැහැ, අඩුම තරමේ හරියට පාරක්වත් නැහැ. ඉතින් රඝවන්ගේ මාමණ්ඩි මේ වෙනුවෙන් දිගින් දිගටම දේශපාලඥයන්ට පෙත්සම් දෙනවා. හැබැයි මේ දූෂිත දේශපාලඥයෝ සහ මුදල් පොලියට දෙන අයගේ අමානුෂික වැඩ නිසා රඝවන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා. තමන්ගේ ගමේ දරුවෙක් (අමුධා) පාරක් නැතිකම නිසාම සර්පයෙක් කාලා මැරෙනවා කියලා මුලින් හිතුවත්, පස්සේ දැනගන්න ලැබෙන්නේ ඇයව දූෂණය කරලා මරලා දාලා කියලා. මේ අමානුෂික අපරාධය කරන්නේ ගමේ ඉන්න බලවත්ම පොලී මුදලාලි (ඉන්බරාජ්). මේ අසාධාරණයට එරෙහිව රඝවන්ගේ බිරිඳ සෙල්වි ගත්ත පියවරක් නිසා ඇයටත් වෙන්නේ හිතාගන්න බැරි විනාශයක්. අවසානයේදී සාධාරණය වෙනුවෙන් රඝවන් ගන්නා තීරණය තමයි කතාවේ උච්චතම අවස්ථාව.