ආදරය දිනාගත්තට පස්සේ ජීවිතේ ලස්සනට, කිසිම ප්‍රශ්නයක් නැතුව ගලාගෙන යයි කියලා අපි හිතුවට, ඇත්තම ජීවිතේ අභියෝග පටන් ගන්නේ එතනින් පස්සේ. විවාහය, පවුල් ජීවිතය, සහ දරුවන් කියන්නේ ඕනෑම ආදරණීය බැඳීමකට අලුත්ම අත්දැකීම් වගේම වගකීම් ගෙනෙන දේවල්. කන්නඩ සිනමාවේ අතිශය ජනප්‍රිය වුණු Love Mocktail චිත්‍රපට මාලාවේ නවතම සහ තුන්වන දිගහැරුම වන Love Mocktail 3 (2026) තුළින් කතා කරන්නේ අන්න ඒ අපූරු යථාර්ථය ගැනයි.පෙර චිත්‍රපට දෙකේදී අපි දැක්කා ආදි (Darling Krishna) කොතරම් දුක් කම්කටොලු මැදින්ද තමන්ගේ සැබෑ ආදරය හොයාගත්තේ කියලා. පළමු චිත්‍රපටයෙන් නිධිගේ වියෝගයත්, දෙවැනි චිත්‍රපටයෙන් සිහි (Rachel David) සමඟින් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමත් අපි දැක්කා. මේ තුන්වන චිත්‍රපටය ආරම්භ වෙන්නේ ආදි සහ සිහිගේ පවුල් ජීවිතය එක්කයි. තමන්ගේම දරුවන් එක්ක කටයුතු කරද්දී පියෙක් විදිහට ආදි මුහුණ දෙන අභියෝග, සහ අතීත මතකයන් (විජු අයියා සහ පරණ යහළුවන්) ඔවුන්ගේ අද දවසට බලපාන විදිහ මේ චිත්‍රපටයෙන් ඉතාම අපූරුවට නිරූපණය කරලා තියෙනවා.