ජීවිතයේ වඩාත්ම ආදරය කරපු කෙනා තමන්ව දාලා සදහටම යන්න ගියාට පස්සේ, හිතේ ඉතුරු වෙන හිස්කම පුරවන්නේ කොහොමද? ආදරය කියන්නේ එක පාරක් විතරක් දැනෙන හැඟීමක්ද, නැත්නම් කාලයත් එක්ක තුවාල සුව වෙලා ආයෙමත් කෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද? 2020 වසරේදී ප්‍රේක්ෂකයින්ගේ ඇස්වලට කඳුළු ගෙනාපු “Love Mocktail” චිත්‍රපටයේ දෙවන දිගහැරුම තමයි මේ Love Mocktail 2 (2022) කියන්නේ.පළමු චිත්‍රපටයේ නිධිගේ (Milana Nagaraj) මරණයෙන් පස්සේ ආදි (Darling Krishna) ගතකරන්නේ හරිම වේදනාත්මක ජීවිතයක්. ඔහු අතීත මතකයන් එක්ක තනිවෙලා ඉන්න අතරේ, ඔහුගේ යාළුවෝ ඔහුට යෝජනා කරනවා නැවතත් විවාහයක් ගැන හිතන්න කියලා. මේ අතරතුර තමයි ඔහුට සිහි (Rachel David) මුණගැහෙන්නේ. සිහි කියන්නේ බොහොම සරල, ආදරණීය තරුණියක්. ආදිට තමන්ගේ අතීතය අමතක කරලා නැවතත් ජීවිතය පටන් ගන්න සිහි උදව් කරාවිද? නිධිගේ මතකයන් එක්ක සටන් කරන ආදිට නැවතත් ආදරය කරන්න පුළුවන් වෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටය පුරාවටම ගලාගෙන යනවා.