සැබෑ ලෝකයේ අපරාධකරුවෙකුට දශක ගණනාවක් පුරා නීතියෙන් සැඟවී සිටිය හැකිද? ජීවිත රක්ෂණ මුදලක් ලබා ගැනීම වෙනුවෙන් තමන්ගේම මරණය ව්‍යාජව නිර්මාණය කළ, ඉන්දියාවේ වැඩිම කාලයක් පොලිසියට කට්ටි පැනපු දරුණු අපරාධකරුවාගේ… එනම් සුකුමාර කුරුප්ගේ සත්‍ය කතාව පදනම් කරගෙන නිර්මාණය වුණු විශිෂ්ට සිනමා සිත්තමක් තමයි අද අපි විමර්ශනය කරන්නේ. Srinath Rajendran විසින් අධ්‍යක්ෂණය කරන ලද Kurup (2021) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ මලයාලම් සිනමාවේ සුපිරි තරුවක් වන Dulquer Salmaan විසිනි. මෙහි ඔහු සමගින් Sobhita Dhulipala, Indrajith Sukumaran, Shine Tom Chacko සහ Tovino Thomas (සුවිශේෂී ආරාධිත රංගනයකින්) එකතු වෙනවා. Crime, Thriller, Biography යන කාණ්ඩ යටතේ නිපදවුණු මෙම චිත්‍රපටය, මලයාලම් සිනමාව තුළ බිහිවූ අතිශය ජනප්‍රිය මෙන්ම ආදායම් වාර්තා තැබූ නිර්මාණයක් බවට පත්වුණා.