XStream.lk

Karikaada

HD 140 min 2026

Karikaada

7.6

කතාව යන්නේ කාලවකවානු දෙකක. ප්‍රධාන වශයෙන්ම 1992 දී කල්සාපුර කියන ගමේ සිද්ධවෙන සිදුවීම් මාලාවක් වටා තමයි කතාව ගෙතිලා තියෙනවා. අපේ කතාවේ ප්‍රධාන චරිතය කාඩා (Kaada Natraj). එයා ගමේ ඉන්න දක්ෂම, ඒ වගේම කාටවත් බය නැති වල් ඌරන් දඩයම් කරන්නෙක්. මේ දඩයක්කාරයාට ආදරය කරන අහිංසක කෙල්ල තමයි කනකා (Niriksha Shetty). හැබැයි කනකාගේ පවුලේ වැඩිමහල්ලා වෙන භූපතිට ඕනේ කනකාව තමන්ගේ පුතා වෙන දාමරිකයෙක් වන මල්ලි (Yash Shetty) ට බන්දලා දෙන්න. මේකෙන් ඇතිවෙන ගැටුම පළිගැනීම්, කුල භේද, ඉඩම් ආරවුල් සහ දරුණු මිනීමැරුම් දක්වා දුරදිග යනවා. මේ පරණ කතාව පුනරුත්පත්තිය (Reincarnation) හරහා වර්තමානයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි චිත්‍රපටයේ තියෙන ලොකුම අභිරහස.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ K. Venkatesh විසින්. කතාව ලියලා ප්‍රධාන චරිතය කරන්නේ Kaada Natraj. ඒ වගේම ජනප්‍රිය නළු Yash Shetty ගේ රංගනයත් මෙහි කැපී පේනවා. IMDb දර්ශකයේ 7.6/10 ක ඉහළ අගයක් ලබාගන්න මේක සමත් වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් විචාරකයන්ට අනුව මේකේ කතාවේ ගලායාම ටිකක් සංකීර්ණයි. සමහර තැන්වලදී කතාවේ timelines මාරු වෙද්දී තේරුම්ගන්න අමාරු වෙනවා කියලත් මතයක් තියෙනවා. හැබැයි මේකේ තියෙන Action ටික සහ පළිගැනීමේ තේමාව නිසා කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්.

Country
Genre
Released
06 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie