කේරළයේ අගනුවර වන තිරුවානන්තපුරම් කිව්වම අපිට මතක් වෙන්නේ සුන්දර පරිසරයක්. නමුත් මේ නගරය යට අදටත් ක්‍රියාත්මක වන දරුණු පාතාල කල්ලි ගැටුම් ගැන ඔබ දැන සිටියාද? Shaji Kailas විසින් අධ්‍යක්ෂණය කර 2022 වසරේ තිරගත වූ Kaapa චිත්‍රපටය රැගෙන එන්නේ අන්න ඒ අඳුරු යථාර්ථයයි. කතාව ආරම්භ වෙන්නේ ආනන්ද් සහ බිනු කියන සාමාන්‍ය යුවළක් තිරුවානන්තපුරම් නගරයට පදිංචියට පැමිණීමත් සමඟයි. නමුත් නොසිතූ මොහොතක බිනුගේ නම කේරළ පොලිසියේ KAAPA (කේරළ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත) ලැයිස්තුවට ඇතුළත් වන බව ආනන්ද්ට දැනගන්නට ලැබෙනවා. තම බිරිඳව බේරාගැනීමට යන ආනන්ද්ට මුහුණ දීමට සිදුවන්නේ නගරය හොල්ලන දරුණුතම පාතාල නායකයා වන කොට්ටා මධු (Prithviraj Sukumaran) ඇතුළු කල්ලි වලටයි.