සමහර අපරාධ කතා තියෙනවා ඒවා ඇත්තටම සිද්ධ වුණාද කියලා හිතාගන්නවත් බැරි තරම් බිහිසුණුයි. විශේෂයෙන්ම ඒ අපරාධයකට ගොදුරු වෙන්නේ කිසිම වරදක් නැති අහිංසක තරුණියක් නම්, ඒ වෙනුවෙන් යුක්තිය ඉටුකරන එක නීතියේ වගේම සමාජයේත් ලොකුම වගකීමක් වෙනවා. දමිළ සිනමාව කියන්නේ Crime Thriller චිත්‍රපට නිර්මාණය කිරීමේ ඉහළම තැනක ඉන්න කර්මාන්තයක්. ඉතින් 2026 වසරේ නිකුත් වුණු Justice for Jeni කියන්නෙත් සැබෑ ජීවිතයේ සිදුවුණු අතිශය කම්පන සහගත අපරාධයක් පදනම් කරගෙන නිර්මාණය වුණු විශිෂ්ට ගණයේ සිනමාපටයක්.කතාව ආරම්භ වෙන්නේ ජෙනි නැමැති තරුණියගේ අභිරහස් මරණයත් සමඟයි. මේ සිදුවීම පිටුපස තියෙන සැබෑ අපරාධකරුවන් කවුද? ඔවුන් මේ වගේ සාහසික දෙයක් කළේ ඇයි? මේ සියලු ප්‍රශ්නවලට උත්තර හොයන එක භාර වෙන්නේ දක්ෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමකට. True Crime Events ආශ්‍රයෙන් කතාව ගොඩනැගිලා තියෙන නිසා හැම තත්පරයක්ම ඉතාමත් කුතුහලයෙන් යුක්තව නරඹන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබෙනවා. කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර කරපු මේ අපරාධයේ සුලමුල හොයාගන්න පොලිසියට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙනවා.